කුණු -රසිකා මුහන්දිරමිගේ කොළම

කුණුකතාවලින් තොරව එක දවසක් හෝ ගතකළ නොහැකි බැවින් කුණු ගැන ලිවීමට හිතුවෙමි.

අනුන්ගේ කුණු අස්කරන මිනිසුන් කුණු කූඩයට දැම්මත් වැඩිම ඇගයීමක් ලැබිය යුත්තේ ඔවුන්ටය.කුණු කුණු නොගා අනුන්ගේ කුණු අයින්කිරීම වනාහී ඉහළම සේවයකි.අතේ පයේ කුණු ගාගත්තද හිතේ කුණු නැති මුදලින් මිලකළ නොහැකි සේවයක් කරන මිනිසුන් ඔවුන්‍ ය.

තමන්ගේ කුණු කන්දක් තියන් අනුන්ගේ කුණු කෙන්ද දැකීමට අපි හැමෝම සමතුන්ය. ඒ නිසාම කුණු යනු හැමවිටම අනුන්ගේය. මේ තියරිය නිසාම තම කුණු අනුන්ගේ ගෙවතු,පාරවල්,ඇළමාර්ග ,මුඩුබිම්,හිස්බිම් ඕනම තැනක හලා යනු දැකිය හැක.

ඵල නෙළා ලෙලි කැමති තැනකට හලා යෑම සාමාන්‍යකරණයකි.

ලංකාවේ කුණු තියරිය අපූරුය.අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ ඉන්න තැනම හලාගෙන යන්නේය.එයට තැන අදාළ නැත.ජන්දෙකින් පසු සාමාන්‍ය ජනයාට වන දේ වගේය.

එනිසාම ඕනම මහපාරක,අතුරුපාරක,පොදු රථයක පොලිතීන්,හිස් බෝතල් සිට ඕනම වර්ගයක කුණක් දැකිය හැක. රටේ ප්‍රයෝජනයට නොගන්නා සම්පත් අතරට කුණු නොවන කුණුද ඇතුළත්ය.

එළවළු ,පලතුරු වැනි ආහාර වර්ග ගොවියාගෙන් කුණු කොල්ලයට ගෙන වසවිස ආරෝපණය කරගත්විට කුණු වීම අඩුය.නමුත් අපි කන්නේ කුණුය. එනිසාම කාලයක් යනවිට ශරීර අභයන්තරය කුණුවීමට ලක්වේ.ඒවා විවිධ නම්ලත් රෝග වේ.එසේම ශරීර අභයන්තරය කුණුකරන සිතුවිලිද මේ කාර්‍යයට අදාළය.

කුණු ලෝභ මිනිසුන් කුණු ආහාර ආලවට්ටම් දමා සකස්කොට විකුණයි.පරිභෝජනයට ගනී. මී කුනෙණුත් පොහොසත් වෙන එකාට පොහොසත් විය හැක .

ලංකාවේ ගිනිකඳු නැතත් කුණුකඳු ඇත.හිටි හැටියේ පුපුරන්නෙය.බඩු ගෙන්වන මුවාවෙන් රටින් ගොඩක් අය ගෙන්වන්නේ කුණුය.කන්ටේනර් ගණන්‍ ය.කුණු කා පුරුදු අපිට මෙන්ම රටේ ලොක්කන්ටද ඒවා ප්‍රශ්න නොවන්නේය. ලංකාව ඩස්බින් වූවාට මල්ල පිරේනම් අහවල් කාරියක්ද?

ජීවත්ව ඉඳිද්දී සතපහකට නොසැලකූවත් මළ පසු කුණු සිරුර බැබළවීමද අපේ තවත් වැඩකි.කුණු දේවල්වලට වැඩි අගයක් දීම බලන් යනකොට සංස්කෘතිකාංගයකි.කුණුවැඩ කළත් සුදු ඇඳගත් පසු කුණ වසන්නට අපිට හැක.කණකොකාගේ කුණු පාට පේන්නේ ඉගිලෙන විට මෙන් කුණුවැඩ අපිට අහුවෙන්නේ පහුවීය.එහෙත් අනුන්ගේ කුණු හෙව්වාට අපි ප්‍රතිචක්‍රිකරණයට දක්වන උදාසීනබව නිසා කුණු කුණුම ලෙස අප සමඟය.

මේ ඔක්කොටම වඩා භයානක අපේ හිත්වල කුණුය.පටු අදහස්,බොරු මතවාද,බොරු භක්තිවාද අස්සේ අපේ කුණු හැංගී ඇත.හැම තැනම කුණුය.

මුළු රටම කුණු ගඳ ගැසූවත් තාමත් කුණු නිසිලෙස බැහැර කරන්නට අපි සූදානම් නොමැතිවීම රටක් ලෙස කුණුවීමකි.රසිකා මුහන්දිරමිගේ

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...