හැරගියා ප්‍රාණ සම පෙම

අප දුකේ රන්දා
පැටව් මොරදිදී දෑත්
දිගුකරන හින්දා
ඉකිබිඳ මුලුරැයක් ඉහිලු ගිනි
හදේ රන්දා
හිමියනේ පැටව් වෙනුවෙන් තෙවැනි
සිල් පදය මම බින්දා

පිපුනු මලේ රොන් ගන්න
දෙබරු ඉගිල ආ හින්දා
පිරුනු ළැම පැටව්ගෙන්
වහන් කර උන්නා
තුන්යමේ හීනෙනුත් කටු ඉඹුල
මට හිනැහුනා
අමාවක ගෙවුනත් ඇසළ හදටත්
ශීලේ මම බින්දා

අඩසදට ඉගිපාන නෙත් දහවලේ
වැලි ගනිනු මන්දා
රැයේ පිපුනත් සේපාලිකා පුදසුනේ
මුනිදුට පිදුනා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි
තියෙන හින්දා
දොසක් නෑ හිමියනි හිත මගේ
මම හදාගත්තා

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...