විදේශයක ඉඳගෙන ලංකාවේ සිද්ධ වෙමින් යන දේවල් දිහා බලාගෙන ඉන්න එක ශරීරයට ආහාර ගන්නවට වඩා ඇබ්බැහියක් වෙලා කියලා කිව්වොත් වැරදි නෑ. මීට වසර ගණනාවකට ඉහත නම් වෙබ් සයිට්වල ලියැවෙන දේවල් කියෙව්වා. මොනවද සිදුවෙන්නේ කියන කුතුහලය එකතු කරගෙන. ඒත් දැන් තොරතුරු දැන ගන්න කියවනවට වැඩිය තියෙන්නේ අහන්න බලන්න තියෙන තොරතුරු. කෙළවරක් නැති තොරතුරුවලින් යූ ටියුබ් නාලිකා පිරී ඉතිරිලා ගිහින්. ඒක තරඟයක් විතරක් නෙවෙයි, ඔළුව මඥ්ඥංකරන තරමට තොරතුරු තොර තෝංචියක් නැතුව දවසක් ඇතුළත පිටාර ගලන්න අරගෙන. පත්තරවල තියෙන දේවල් කියැවීමත්, ඒවට අර්තකතන සැපයීමත්, කෙලින්මත් වක්‍රවත් තම තමන්ගේ පක්ෂපාතිත්වය ප්‍රකාශ කරන එක තමයි අද ජන මාධ්‍යය කියලා කියන්නේ. එදත් එහෙම නො වුණා තියලා කියන්න බෑ. අද එදාට වඩා විවෘත අවකාශයකට ඇවිත් “චීන වෙළෙඳපලක්” වගේ ඔළුවට ඕන ඒවාත් එපා එ්වාත් ගන්න බල කරනවා. තෝරා ගැනීම කියන එකත් ස්වාධීන නොවන තරමේ බලපෑමක් මේ තොරතුරු සම්ප්‍රේශනය තුලින් සිදු කරමින් තිබීමට “තොරතුරු ප්‍රජාතන්ත්‍රවාදය” කියලා කියන්න පුළුවන් ද කියන ප්‍රශ්නය අහන්න වෙනවා.
ඇත්ත, නැත්ත, ගත්ත යුත්ත මේ සිල්ලේම අවසාන ග්‍රාහකයා වෙන්නේ ජනතාව. ජනතාව දැනුවත් කිරීම කියන මූලික අදහස තමයි ඔය කියන ඕනෑම මාධ්‍යයකින් කරන්නේ. අපි ජනතාව නම්, ඔබ ජනතාව නම්, මේ ජනතාව කියන්නේ කවුද? ඇත්තටම මම යනු ජනතාවට අයිති වන්නේ කොහොමද. අපි ජනතාවට අයිති වන්නේ කොහොමද. ඔබ ජනතාවට අයිති වන්නේ කොහොමද.
ආර්ථිකය ගැන කතා කරනවා. ආර්ථිකය ජනතාව. දේශපාලනය ගැන කතා කරනවා. දේශපාලන ජනතාව. බලය ගැන කතා කරනවා. බලය ජනතාව. ආගම ගැන, ජාතිය ගැන, සංස්කෘතිය ගැන කතා කරනවා. මේ සියල්ල ජනතාව. එතකොට මහ පුදුම දෙයක් වෙන්නේ. අපි ගැන පුදුම විදිහට වද වෙන්නේ. අපිට පුදුම විදිහට ආදරය කරන්නේ. අපි වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන වෙහෙසීම සුළු පටු නෑ. අපි වෙනුවෙන් පෙනී ඉන්න හැම කෙනෙකුටම ඕන කරලා තියෙන්නේ “කැමැත්ත”, අනුමැතිය, මනාපය, ඡන්දය. මේක මහා පුදුමයක්.
ජනතාවගේ කැමැත්ත අරගෙන, ඒ කැමැත්තේ බලයෙන් පෙරලා ජනතාවට ආදරය කිරීමයි මෙතන තිබෙන අවසාන අභිලාෂය. ඉතින් මේ බලය ගන්න ජනතාවට දෙන්න වෙනවා කැමැත්ත. කැමැත්ත කියන එක ඇත්තටම ජනතාව තුල තිබෙන දෙයක් ද, ඇති කරන දෙයක් ද, එහෙමත් නැත්තම් ඇති කරවන දෙයක් ද කියන ප්‍රශ්නය ඒ තරම් සංකීර්ණ නෑ. යම් දෙයකට, කෙනෙකුට, කණ්ඩායමකට ජනතාව කැමැති වෙන්නේ ඇයි කියලා ඇහුවොත්, ඒකට ඒකට තිබෙන උත්තරය “ස්වාධීන” එකක් කියලා කියන්න පුළුවන් ද. එහෙමයි කියලා හිතුවොත්, මේ කියන ජනමාධ්‍යවත් තොරතුරුවත් අපට ඕන කරන්නෑ. දැනුවත් කරනවා කියන්නෙම අපිව “නො දැනුවත්” කියන මූලධර්මයයි. ඒ කියන්නේ ජනතාව ස්වාධීන නෑ.. කැමැත්ත ස්වාධීන නෑ. දේශපාලනය, බලය, ආර්ථිකය ආගම සංස්කෘතිය ඔය කියන මොන මඟුලක්වත් ස්වාධීන නෑ. නීතිය. ඒකත් විශාලම රැවටීමක්.
දැන් මට තිබෙන ප්‍රශ්නය තමයි, ඇත්තටම මේ ජනතාව කියන්නේ කවු ද, එහෙම දෙයක් තියෙනවද කියන පැනය.
මොකද නැත්තේ, ජනතාව කියන අය බලාගන්න පුලුවන් ඡන්දයක දි. ඒ කියන්නේ ජනතාව කියන අය කාටවත් යටත් නෑ කියන එකද. පරම ආධිපත්‍යය තියෙන්නේ ජනතාවට කියන එක ද. පරම බලය තියෙන්නේ ජනතාව සතුව කියන එක ද.
ඒක නිකං කැළණි ගඟට පොල් ලෙල්ලක් දමනවා වගේ දෙයක් ද? මාළුන්ට පොරි දානවා වගේ දෙයක් ද? දුන්නා දැම්මා ඉවරයි.
ජනතා කැමැත්ත තමයි, මට හිතෙන්නේ ලෝකේ තියෙන ලොකුම බොරුව. ලොකුම රැවටීම, ලොකුම විහිළුව.
කැමැත්ත මනාපය ඡන්දය ඉල්ලනවා. ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හදනවා. ජනතාවගෙ පරමාධිපත්‍යයට ඇති අවස්ථාව වෙනුවෙන් ජනතාව මැද ඉඳගෙන ඉන්න මාධ්‍ය, ආයතන පොරවල් හැමෝම තකා කරනවා, කතා කියනවා. ඇයි ඒ. ජනතාවගේ ස්වාධීන මනාපය ගන්න. ආර්ථිකය හදන්න. රට ගොඩ නගන්න. ප්‍රශ්න විසඳන්න. ජනතාවගෙ පරම බලය දෙන්න කියලා කියන ගමන්, ජනතාවට බල කරනවා, හරියට දෙන්න කියලා.
ඉතින් එතකොට කොහෙද ස්වාධීන ජනතාව. ඒක තියෙන්නේ ලියැවිල්ලක. ඒකට කියනවා ව්‍යවස්ථාව. එහෙම එකක් කොහෙද. එහෙම කවුරුවත් නෑ. ඒක ලොකු රැවටීමක්. රැවැට්ටවීමක්. හැබැයි මේක අලුත් දෙයක් නම් නෙවෙයි. ඉතිහාසයේ ඉඳලම පැවැත ගෙන එන දෙයක්. ඒක නො තේරෙන තරමට අවිඥාණකයි. අවිඥ්ඥාණයක් නැති තරමට අවිඥාඥණකයි.
ඒක නිසා ජනතා කැමැත්ත කියන්නේ බොරුවක්. ඒක මහා බොරුවක්. ඒ බව දැන ගත්තත් වැඩැක් නෑ මේ යන හැටියට.
කාටහරි පුලුවන් නම්, මගේ මනාපය නියෝජනය වීම සිද්ධවෙන්නේ කොහොමද කියලා බලා ගන්න. දැන ගන්න. ඇඟට දැනෙන්න. හිතට හදවතට දැනෙන්න. අන්න එතකොට පුලුවන් කියන්න. මට තියෙනවා පරම බලයක් කියලා. ඒ හැර ජනතා බලය මහම මහ විහිළුවක්. බොරුවක්. අන්න ඒක එහෙමයි කියලා දැනගෙන, ජනතාව දෙනවා කියලා දෙන බලය අරගන්න කවුරු වුණත් කරන්නේ ලොකු රැවටීමක්. කවුරු හරි කියනවා නම් නෑ.. අපි එහෙම කරන්නෑ. අපි නියෝජනය කරන්නේ ජනතා බලය කියලා නම්, ඒ තරමි බොරුවක් තවත් නෑ. එහෙම දෙයක් තියෙනවා නම් කියන්න තියෙන්නේ ඒක තවම ඉපදිලා නෑ කියලා විතරයි.
අද ජනතාව කියන්නේ මිල කළ හැකි භාණ්ඩයක් මිසක, පරම බලයක් සහිත භාණ්ඩයක් නෙවෙයි. ආර්ථිකය මෙන්ම දේශපාලනයක් වෙළෙඳාමක්. ඒකේ මිල වටිනාකම තිර්ණය කරන්න අවශ්‍ය බලය ගැනීමට තමයි ජනතා කැමැත්ත කියන්නේ. ජනතාවට පුලුවන් ඒකට මිලක් තීරණය කරන්න. ඒ කැමැත්තේ තිබෙන අපූර්වත්වය තමයි. උගත් නූගත්, බුද්ධිමත් මෝඩ ධනවත් දුප්පත් සිංහල දෙමල කලු සුදු කියලා බේදයක් නෑ. කැමැත්ත සමානයි. එතැන නෑ අරයගෙ කැමැත්ත මෙයාගෙ කැමැත්තට වඩා ලොකුයි පොඩියි කියලා. එතැනදි විතරයි භේදයක් නැතිව සමාන වෙන්නේ. අන්න එතැන තියෙනවා සමාන බලයක්. ඒක නිසා ජනතා මනාපයට පුලුවන් සංවිධානය වෙලා බලය පෙන්නන්න. දෙන්නං කාසිවලට නම් කොරලා වැඩක් නෑ.
අඩුම තරමින් කියන්න පුලුවන් නම්, අපිට මෝඩයන්ට අන්දන්න එපා.. ඔය ඕන නැති ප්‍රචාරණ කරලා. ඕවට වියදම් කරන සල්ලිවලින් මේන්න මේ දේ කරනවා කියලා කියන්න වත් පුලුවන් නම්, ඇත්ත වශයෙන්ම දෙයක් බලාගන්න පුලුවන්.
එහෙම නැතුව ජනතාව ගොනාට ඇන්දවීමත්, ජනතාව ඇඳ ගැනීමත් අතරේ වෙනසක් නෑ..
හැබැයි ඉතින් මේ අතරේ කාලයක ඉඳන් යම් තාර්කික දේවල් සිද්ධවෙලා තියෙනවා. ඒ කියන්නේ මනාපයට විටිනාකමක්.
සමහර ජනතාව බලය දෙනවා පොඩි දෙයකට. ගෙයකට, රස්සාවකට. හාල් කිලෝ එකකට. අරක්කු වීදුරවකට. එතන තියෙනවා තර්කයක් සහ විඥ්ඥාණයක්. හැබැයි මේ ජනතාවට පුලුවන් මේක තව විශාල කරගන්න. ඉල්ලුමට අනුව සැපයුම දෙන්න. මිල තීරණය කරන්න. මොකද ඒක පාර්ලීමෙන්තුවේ වෙනකොට ජනතාවටත් පුලුවන් වෙන්න ඕන ඩිමාන්ඩ් කොරන්ඩ.එහෙම උනා නම් අද වෙනකොට ලොකු ගණනකට මානපය දෙන්න පුලුවන්. ඒක හරියට කරන්න පුලුවන් ජනතාව දැනුවත් උනොත්, ඔය පරම බලයට වටිනාකමක් අර ගන්න පුලුවන්. ඒ හැර උන් දන්නවා කියලා හිතාගෙන, උන් කොරයි තියලා හිතාගෙන, දෙන කැමැත්ත ලොකු බොරුවක්. උන් අපිව රවටනවා. අපි රැවටෙනවා. බලය පරම කියනවා. පරම බලය කියනවා. බලය පරණ වෙනවා. ආයෙත් ඉල්ලනවා.
ජනතාව! මොන ජනතාවද! ඔය ජනතාවට කොරන්න පුළවන් ලබ්බක් නෑ. මනාපය කියන එක ඥාණය කියන එකට සමාන කරලා තියෙන නිසා. ඒක තරම් වංචාවක් ව්‍යවස්ථාව තරම්වත් නෑ.
eජන කොළමා