සංසරණය වන රුපියල් 2000 සමරු මුදල් නෝට්ටුව 

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය  නිමිත්තෙන් රුපියල් 2000 සමරු නෝට්ටුවක්  මුද්‍රණය කර තියෙනවා. එම නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් අගෝස්තු 29 වෙනදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වන ලදී. මේ සමරු මුදල් නෝට්ටුවේ විශේෂත්වය වන්නේ සීමිත ප්‍රමාණයකින් මුද්‍රණය කර එය සංසරණය සඳහා මුදා හැරීමට කටයුතු කිරීමයි .

රුපියල් දෙදහේ සමරු මුදල් නෝට්ටුවෙන් මිලියන 50ක සීමිත මුදල් නෝට්ටු ප්‍රමාණයක් අද සිට වාණිජ බැංකු හරහා එදිනෙදා පරිහරණය සඳහා නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු කර තිබෙනවා . මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද පස්වන සමරු මුදල් නෝට්ටුවයි. 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...