සංසරණය වන රුපියල් 2000 සමරු මුදල් නෝට්ටුව 

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය  නිමිත්තෙන් රුපියල් 2000 සමරු නෝට්ටුවක්  මුද්‍රණය කර තියෙනවා. එම නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් අගෝස්තු 29 වෙනදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වන ලදී. මේ සමරු මුදල් නෝට්ටුවේ විශේෂත්වය වන්නේ සීමිත ප්‍රමාණයකින් මුද්‍රණය කර එය සංසරණය සඳහා මුදා හැරීමට කටයුතු කිරීමයි .

රුපියල් දෙදහේ සමරු මුදල් නෝට්ටුවෙන් මිලියන 50ක සීමිත මුදල් නෝට්ටු ප්‍රමාණයක් අද සිට වාණිජ බැංකු හරහා එදිනෙදා පරිහරණය සඳහා නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු කර තිබෙනවා . මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද පස්වන සමරු මුදල් නෝට්ටුවයි. 

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...