වසරේ ධාන්‍ය අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.2 ක් – ආනයනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 932000යි

මෙම වසර සඳහා ධාන්‍ය ආනයන අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.2 ක් වන අතර පළමු මාස හය තුළ ධාන්‍ය මෙට්‍රික් ටොන් 932000 ක් ආනයනය කර ඇති බවත් තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.27 ක් මෙම වසර සඳහා ආනයනය කළ යුතුව තිබෙන බවත් ආහාර හා කෘෂිකාර්මික සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන එක්ව නිකුත් කළ විශේෂ වාර්තාවක දැක්වේ. නමුත් පවතින සාර්ව ආර්ථික අභියෝග හමුවේ මෙම වසර සඳහා අවශ්‍ය මුළු ධාන්‍ය ප්‍රමාණය ආනයනය කිරීමට නොහැකි වීමේ ඉහළ අවදානමක් තිබෙන බව එම වාර්තාව පෙන්වා දෙයි.

ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් ඉතා ඉක්මණින් ආහාර ආධාර ලබා දීමේ වැඩසටහන් සහ ජීවනෝපායන් නගා සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොවූහොත් මෙම වසරේ ඔක්තෝම්බර් මස සිට ලබන වසරේ පෙබරවාරි මස දක්වා කාලය තුළ තත්ත්වය තවත් දරුණු විය හැකි යැයි ද එම වාර්තාව පෙන්වා දෙයි.

දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය,අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි බවට එම වාර්තාව අනතුරු අඟවා ඇත.ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන අතර හදිසි ආධාර ප්‍රමාද වුවහොත් ආහාර අනාරක්ෂිතතාවය තවදුරටත් උග්‍ර වනු ඇතැයි එම වාර් තාවේ දැක්වේ.

වතුකරයේ සහ කාන්තාව මූලික වූ පවුල් වල මෙන්ම මූලික අධ්‍යාපන මට්ටමක් නොමැති පවුල්වල, ඉන්දියානු දෙමළ ජනගහනය තුළ, සමෘද්ධිය ලබන පවුල්වල ආහාර අනාරක්ෂිතතාව දැනෙන ලෙස වැඩි වී ඇතැයි එම වාර් තාවේ දැක්වේ. ආහාර සහ ජීවනෝපාය සම්බන්ධව පැන නගින දුෂ්කරතා වලට මුහුණ දීම සඳහා ගන්නා ආහාර ප්‍රමාණය අඩුකිරීමට,ආහාර වේල් මග හැරීමට, වියදම් කරන ප්‍රමාණය අඩුකිරීමට සහ ණයට ආහාර ලබා ගැනීමට ජනතාව පුරුදු වී ඇතැයි එම වාර් තාව පවසයි.

ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන පවුල් මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් හෙම්බත් වූ විට මීට වඩා දැඩි ක්‍රියාමර්ග අනුගමනය කිරීමේ අවදානමක් තිබෙන බව එම වාර්තාවේ සඳහන් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...