මැයි 09 ප්‍රහාරයේ මහමොළකරුවන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා විරෝධතාවයක්

පසුගිය 09 වැනිදා ගාලු මුවදොර ඉදිරිපිට හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට මහජන විරෝධතාවලට පහරදීමට එරෙහිව යුක්තිය ඉල්ලා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

එම පහරදීමේ සිද්ධීන්ට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත,මිලාන් ජයතිලක හා සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඇතුලු 06 දෙනෙක් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනි දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

මේ අතර නීතිපතිවරයා විසින් නියම කල පරිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක් නොදීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී.

මේවනවිට මැයි 09 ගෝල්ෆේස් අරගලයට මහින්දගේ මැර කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව රට පුරා සිදුවූ සිදුවීම්වලට සැකපිට 2000ට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මහින්දගේ මැර කාණ්ඩයමෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිහිපදෙනෙක් පමණි. ඔවුන් අත්අඩංගුවට ගැනීම වෙනුවට ප්‍රශ්න කිරීම්වැනි බොරු රඟපෑම් කරමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...