Breaking News

රනිල්ගේ වසර 02ට පනත් 90ක් සම්මතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී ඊයේ (ජූලි 21) දෙවසරක කාලයක් සම්පූර්ණ වේ.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබා ගනිමින් ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ සිය වසර දෙකක ධුර කාලය සම්පුර්ණ කරන විට පනත් 90ක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගෙන තිබේ.

එලෙස සම්මත කෙරුණු පනත් අතරට මන්ත්‍රීවරුන් ගේ යෝජනා අනුව ඉදිරිපත් කළ පනත් 10ක් ද ඇතුළත් වේ.

කෙසේ වුවත් ආදායම් බදු පනත , මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබඳ පනත, විදුලිබල පනත ඇතුළු පනත් රැසකට එරෙහිව මහජනතාව, වෘත්තීය සමිති ඇතුළු විවිධ වෘත්තිකයින්ගෙන් එල්ලවූ විරෝධතා මැද ඒවා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා අයුරු ද නිරීක්ෂණය විය. එලෙස සම්මත කරගත් පනත් කිහිපයක් පහත දැක්වේ.

කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන)
නව විදුලිබල පනත
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ
අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම
දුෂණ විරෝධී පනත

තවත් පනත් කිහිපයක්ම දැනට කෙටුම්පත් කෙරී ඇති අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම පනත් බොහොමයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම් අනුව එයට පහසුකම් සැලසීම වෙනුවෙන් ඉදිරිපත් වී තිබීමයි. රනිල් වික්‍රමසිංහ රටේ ජනතාවගේ අවශ්‍යතාවයට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලට අනුව රටේ වියුහාත්මක වෙනස්කම් රැසක් සිදුකර තිබේ.

leave a reply