හරි අපූරු නේද ඒ ගෙත්තමේම මම මැහැල්ලක් වී තිබීම?

වැල් රෝස එල්ලෙන
කුඩා නිවහනේ දොරකඩ
හරියටම
අවුරුදු හැටකට ඉස්සර
උස කෝපි මේසයේ
පුටු දෙකක් වෙන් කළා මම,
“නිකොලායි සාෂා ඉවානිච් ග්‍රීනෙව්ට
සහ
ඇනා ඉසාබේල් මොරෙයිනා….”
වන මට.

පුෂ්කින්ගෙ කවි කියැවෙන
උණුහුම් සුළං සානුවේ කෙළවර
කුඩා ග්‍රීෂ්ම කුටියේ
සට සට හඬින් දඟදෙන
ක්‍රොචෙට් අගිසි ඇති
මනරම් සේද තිර පට
අහගෙන නේද ඉන්නේ
සොල්දාදුවන්ගෙ උයනේ
තනි පහන් කණුවේ
මන්දාලෝකයෙන් පෙනෙන
අර
රෝස වැල් ගාලේ පැටැළුණ
අපේ කළුම කළු
මීෂාගේ හඬ?

කොච්චර හොඳ දෙයක්ද
කාලයට තටු තිබුණු එක ?
වසර හැටක් එක දිගට
ගොත ගොතා
පාළු කෝපි කෝප්පම විසිදහක් පසු කළ
ක්‍රොස්ටිච් ගෙත්තම…
අවසාන අදියරේදී
හරි අපූරු නේද
ඒ ගෙත්තමේම
මම මැහැල්ලක් වී තිබීම?

ඔට්ටුයි
ගොඩක් ජේත්තු කබාකාරියන්ට
ඉඩක් එන්නේම නෑ
සතෙක් හිනාවෙන හැටි විඳින්න…
වාසනාවක් නේද
පාළු කෝපි බොන ගමන්
හිනැහෙන්න හැකිකම…?

 

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...