හරි අපූරු නේද ඒ ගෙත්තමේම මම මැහැල්ලක් වී තිබීම?

වැල් රෝස එල්ලෙන
කුඩා නිවහනේ දොරකඩ
හරියටම
අවුරුදු හැටකට ඉස්සර
උස කෝපි මේසයේ
පුටු දෙකක් වෙන් කළා මම,
“නිකොලායි සාෂා ඉවානිච් ග්‍රීනෙව්ට
සහ
ඇනා ඉසාබේල් මොරෙයිනා….”
වන මට.

පුෂ්කින්ගෙ කවි කියැවෙන
උණුහුම් සුළං සානුවේ කෙළවර
කුඩා ග්‍රීෂ්ම කුටියේ
සට සට හඬින් දඟදෙන
ක්‍රොචෙට් අගිසි ඇති
මනරම් සේද තිර පට
අහගෙන නේද ඉන්නේ
සොල්දාදුවන්ගෙ උයනේ
තනි පහන් කණුවේ
මන්දාලෝකයෙන් පෙනෙන
අර
රෝස වැල් ගාලේ පැටැළුණ
අපේ කළුම කළු
මීෂාගේ හඬ?

කොච්චර හොඳ දෙයක්ද
කාලයට තටු තිබුණු එක ?
වසර හැටක් එක දිගට
ගොත ගොතා
පාළු කෝපි කෝප්පම විසිදහක් පසු කළ
ක්‍රොස්ටිච් ගෙත්තම…
අවසාන අදියරේදී
හරි අපූරු නේද
ඒ ගෙත්තමේම
මම මැහැල්ලක් වී තිබීම?

ඔට්ටුයි
ගොඩක් ජේත්තු කබාකාරියන්ට
ඉඩක් එන්නේම නෑ
සතෙක් හිනාවෙන හැටි විඳින්න…
වාසනාවක් නේද
පාළු කෝපි බොන ගමන්
හිනැහෙන්න හැකිකම…?

 

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...