රොෂාන් බිඳ හෙළුවේ වසර 51 පැරණි වාර්තාවක්

ලංකා ගුවන් හමුදා පිහිනුම්ශුර රොෂාන් අබේසුන්දර පෝක් සමුද්‍ර සන්ධිය හරහා කිලෝමීටර් 59 කුත් මීටර් 300 ක් පිහිනමින් නව ආසියානු වාර්තාවක් තැබීය. ඔහු විසින් මන්නාරමේ සිට ඉන්දියාවේ රමේශ්වරන් සහ ආපසු පැමිණීමට ගෙන ඇත්තේ පැය 28 යි මිනිත්තු 19 තත්පර 43 ක් පමණි.රොෂාන් 2021 ජනවාරි 3 වන දින මාතර සිට කොග්ගල දක්වා කිලෝමීටර් 25 ක දුරක් පැය 10 යි මිනිත්තු 37 ක කාලයක් පිහිනමින් නව වාර්තාවක් බිහි කළ අතර මාතර සිට හික්කඩුව දක්වා කිලෝමීටර් 49 ක දුරක් පිහිනමින් වාර්තාව නැවත අලුත් කළේය.

රොෂාන් අබේසුන්දර විසින් බිඳ හෙලා ඇත්තේ 1971දී පැය 51 කින් වී.එස්. කුමාර් ආනන්දන් තබා තිබු අවුරුදු 50 ක් පැරණි වාර්තාවයි . ඇමරිකානු පිහිනුම් පුහුණුකරුවන්ගේ සංගමයට අනුබද්ධ පිහිනුම් උපදේශකයෙකු විසින් පුහුණුව ලබා අැති රොෂාන්, ජනප්‍රිය ජූලියන් බොලින්ග්ගේ පුහුණුවද ලබා ඇත.

පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට පිහිනුම්කරුවන් 14 දෙනකු පමණ සමත්ව ඇති නමුත් නැවත පැමිනීමෙන් වාර්තාවක් පිහිටුවන ලද්දේ කුමාර් පමණි. පසුගිය මාර්තු 21 වැනිදා, ශ්‍යාමලා ගෝලී නමැති 47 හැවිරිදි ඉන්දිය කාන්තාව තලෙයිමන්නාරමෙ සිට ධනුස්කොඩි වෙත පිහිනා යන්නට පැය 13කුත් මිනි.43ක් කාලය ගෙන තිබිණි. මෙම සුමද්‍ර තීරය තරණය කළ දෙවැනි කාන්තාව ඇයයි. 2019 දී පැය 10කුත් මිනි.30කින් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ වායි වස්වන්ත් නමැති 10 හැවිරිදි තමිල්නාඩු පිහිනුම් ශූරයා කි.මි.30 අඩුම කාලයකින් තරණය කළ ලාබාලතම පුද්ගලයා වේ .

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...