Breaking News

මින් ඉදිරියට වතු කම්කරු දරුවන් මෙහෙකාර සේවයට යවන්නෙ නෑ – ජීවන් තොණ්ඩමන්

වතු කම්කරුවන්ගේ පවුල් වල අර්ථික ගැටළු පවතින බව තමන් පිළිගන්නා නමුත් එයට විසදුම ළමුන් මෙහෙකාර සේවයේ යෙදවිම නොවන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් පවසයි.

වතු කම්කරුවන්ගේ දරුවන් මින් ඉදිරියට මෙහෙකාර සේවයේ යෙදවිමට කිසිවකුට නොහැකි වනසේ කම්කරු අඥා පනත ශක්තිමත් කිරිමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද ඇමතිවරයා පවසා ඇත.

අපේ රටේ කම්කරු ආඥා පනත අවු 100 කට වඩා පැරණි බැවින් බාල වයස්කාර ළමයකු මෙහෙකාර සේවයේ යොදවන මව්පියන්ට දඩුවම් ලබාදිය හැකි සේ නව පනත් ගෙන්න අපි සැලසුම් කර ඇති බවද ජීවන් තොණ්ඩමන් ඇමතිවරයා පවසා ඇත.

“ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන පොලිස් විමර්ෂණ කටයුතු විදිමත් කරන්න කියලා අද සියළු දෙනා එකතු වෙලා බලපැම් කරනවා.ඒක හොද දෙයක් නමුත් ඇතැම් අය මේ සිද්ධිය දේශපාලන වාසියක් කරගන්න උත්සහ කරනවා. වතුකරයේ ළමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල දාන්න අපි මේ වන විට වැඩපිළිවෙළ රාශ්‍රියක් ආරම්භ කරලා තියෙනවා. ”

මිය ගිය ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරනු ලබන විමර්ෂණ කටයුතු සම්බන්ධව තමන් සැහිමකට පත්වන බව ද ඔහු පවසයි.

වතු කම්කරුවන්ගේ දරුවන් මෙහෙකාර සේවයට යොමුකිරිම අද ඊයේ ඇතිවූවක් නොවේ. එය වසර ගණනාවක් පුරා සිදුවෙන්නකි. වතු කම්කරු ප්‍රජාවේ නායකයන් ලෙස පෙනී සිටි තොණ්ඩමන්ලා හැමදාමත් සිදුකළේ පවතින විවිධ රජයන්වල අතකොළු බවට පත්වෙමින් පාලකයන්ට සහ සමාගම්වලට එම ජනතාව රිසි සේ සූරා කෑමට ඉඩ සැලසීමයි. අවම වශයෙන් මෙම ජනතාවගේ සිවිලි අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන්වත් මෙම නායකයන් සිදුකළ දෙයක් නැත. එහෙව් නායකයන් දැන් පැමිණ වතු කම්කරුවන්ගේ දරුවන් මින් ඉදිරියට මෙහෙකාර සේවයේ යෙදවිමට කිසිවකුට නොහැකි වනසේ කම්කරු අඥා පනත කිව් පමණින් කිසිවක් ලොකු දෙයක් වන්නේ නැත. එය වෙනස් වීමට නම් ළමා මෙහෙකාර ජාවාරම තුරන් කිරීම වතු කම්කරුවන් ඇතුළු පහළ ආදායම් ලාභී ජනයාගේ ආර්ථික නිදහස හා සමාජ සංවර්ධනය හා බැඳුනු ක්‍රියාදාමයක් අවශ්‍ය වේ.

leave a reply