Breaking News

මනුෂගේ පාර්ලිමේන්තු කතාවේ අවසන් භාගය ජනතාව බිය ගැන් වීමේ පිටපතේ ජවනිකාවක් ද?

සමන්සිරි හේරත්

මනුෂ නානායක්කාර ජුලි 5 නිදා පාර්ලිමේන්තුවේදී තම කතාවේ අවසන් අදියරේ කළ ප්‍රකාශය සුළඟේ පා කර හරින්න පුළුවන් කමක් නැතැයි සිතේ. එළඹෙන සතියෙන් පසුව රටේ උද්ගතව ඇති පෝලිං ප්‍රශ්න විසඳෙන බව හු එහිදී ප්‍රකාශ කරනවා. ඒවා විසඳීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳ වත් ඔහු සඳහන් කරනවා. එම පැහැදිලි කිරීමෙන් පසුව ඔහු එළඹෙන්නේ අරගලයට සහ ඒ වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ ,සාමූහික කණ්ඩායම් වලට ප්‍රහාරයක් එල්ල කිරීමටයි. පෝලිං නැතිවී මෙන් පසුව විපක්ෂයට රට තුළ උද්ඝෝෂණ ව්‍යාපාරය ගෙන යන්නට බැරි බව ඔහු කියනවා. එනිසා 9 දා රට තුළ ගැටුම්කාරී කැළඹිලි සහගත තත්වයක් ඇතිකර උගන්ඩාවේ ආදර්ශයට අනුව ජනතාව ගැටුම්කාරී තත්ත්වයකට යොමු කරන්න අරගලයට මුවාවී කල්ලි කණ්ඩායම් සූදානම් වෙමින් සිටින බව ඔහුගේ කතාව තුළ ඉස්මතු කරන්න උත්සාහ දරනවා.

9 වෙනිදා රට තුළ මිනිස් ඝාතන සිදු කරන්න ලේ විලක් ඇති කරන්න සැලසුම් නිර්මාණය වෙනවා කියලා කියනවා . එය එසේ කරන්න සූදානම් වන්නේ ඔවුන්ගේ සැලසුම් වලට අනුව ඉදිරි කාලය තුළ මේ සියලු ප්‍රශ්න විසඳෙන නිසා. මනුෂ නානායක්කාරට අනුව ජූලි නව වැනි දා ජනතා අරගලය කඩාකප්පල්කාරී ක්‍රියාවක්. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියනවා රටේ මිනිස්සු ඒ තරම්ම මෝඩ නැහැ කියලා. මැයි නම වෙනිදත් රටේ මිනිස්සු පාඩම් ඉගෙන ගත්තලු. නම වැනිදා අරගලය වෙලාවේ අරගලයට උදව් කරපු මධ්‍යම ඉහල පාන්තික ජනතාවටත් මේ අරගලය තුළින් පීඩාවට පත් වෙන්න සිද්ධ වුණු බව ඔහු හොඳ හැටි දන්නවලු. ලොකු ලොකු වාහන වල ගිය අයට ඒසී ඕෆ් කරන්න යන්න කිව්වලු. වීදුරු පහළ කරන්න යන්න කිව්වලු . අරගලය තුළ ඇති නැති පරතරය නිර්මාණය කළා ලු. අරගලයක් නිර්මාණය වෙන්නෙම ඇති නැති පරතරය උත්සන්නවීම නිසා බව මනුෂ නානායක්කාර ක දැන් අමතක වී තිබෙන්නේ ඔහු දැන් ගෝඨාභයගේ සපත්තු පොලිස් කරන්නා බවට පත් වී සිටින නිසා විය හැකිය.

එළඹෙන නම වෙනිදා ට සූදානම් වන්නේ ලොකු ලොකු වාහන වලට ගිනි තියන්න. දකින දකින ලොකු ගෙවල් වලට ගිනි තියන්න. ඇති මිනිස්සු ටික නැති කරන්න. අරගලයේ අරමුණ මනුෂ නානායක්කාර දකින්නේ එහෙමයි.

ඉදිරි 9 වනදා පිළිබඳව ඔහු ප්‍රකාශ කරන්නේ දහස්ගණනක් රටේ මිනිස්සුන්ව මරලා, මරණ මතින් බලයට එන්න දේශපාලනගේමක් සැකසෙන බවයි.කවුරුහරි බලයට එන්න පාස්කු ප්‍රහාරය පාවිච්චි කලානම් ඒකයි මේ දැන් විපක්ෂය කරන එකයි අතර කිසි වෙනසක් නෑ කියලත් ඔහු කියනවා. නමුත් මනුෂ්‍ය ට නැවත අමතක වෙනවා පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ බලයට එන්න පාවිච්චි කලා කියලා මම පසුගිය කාලේ කළ විවේඡනය. හෙල්මට් කල්ලියක් පිළිබඳවද ඔහු ප්‍රකාශ කරනවා. මේ කරන්නේ රාජපක්ෂගේ හෙල්මට් කල්ලිය පිළිබඳව විය හැකියි.පසුගිය අවස්ථා ගණනාවක ම හෙල්මට් දාගත් හෙල්මට් අතින් ගත් පුද්ගලයෙක් මිනිසුන්ට පහර දී තුවාල සිදුකර බරපතළ හානි සිදු කර පලා ගියේ ඔය මනුෂ්‍ය කියන ආකාරයටමයි. බලය හොබවන පක්ෂයේ ඉඳගෙන මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුවේ දී කියන්නේ කියන්නේ මේවා පරීක්ෂණ කරලා හොයන්න ඕන කියලා.මනුෂට අපි කියනවා කරුණාකරලා බලය තියෙන්නෙ උඹලට උඹලා හොයපල්ලා. කවුද මේ මිනීමරු හොර කල්ලි කියන එක.

හෙට දවසේ කුමක් හෝ සිදු වුණොත් මැරෙන්න වෙන්නේ ග්‍රහ ලෝකෙන් ආපු කාටවත් නෙමෙයි රටේ ඉන්න ජනතාවට ඔබේ තාත්තට ඔබේ සහෝදරයාට ඔබේ මල්ලිට වෙන්න පුළුවන්. රටේ ජනතාවට මනුෂ නානායක්කාර කියන්නේ නම වෙනිදා විරෝධතාවයට ඒකරාශී නොවී සිටින්න කියන පණිවිඩයයි.

මනුෂ කියන මේ කතාව ඉතා වැදගත්. අවධානයෙන් සිටිය යුතුයි. එක ඉන්ධන පිරවුම් හලක් ගාවින් ගිනි ඇවිලුනොත් මුළු රටම ගිනි ගන්නවා. මනුෂ්‍ය අමතක කරනවා පසුගිය දිනක ඉන්ධන බවුසරය ට ගිනි තියන්න ගිය පුද්ගලයා ආරක්ෂක අංශ සමග සිට පැමිණි කෙනෙකු බව. දිනම ඉන්ධන පිරවුම්හලට ගිනි තියන්න ගිහින් සාමාන්‍ය ජනතාව තමයි එම විනාශය වළක්වා ගත්තේ. මෙතෙක් වාර්තා වී තිබෙන කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සාමාන්‍ය ජනතාව අතින් හෝ අරගලයට මූලිකත්වය දෙන කිසිදු පුද්ගලයෙක් අතින් සිදුවී නැහැ. යම් සිදුවීමක් සිදු වුනා නම් ඒ සියලුම සිදුවීම් ආණ්ඩුව පාර්ශ්වයෙන් හෝ ආණ්ඩුවට සම්බන්ධ කුමන හෝ තැනක සැකයක් ඉතිරි කරමින් නිර්මාණය කරපු විනාශයන්.

මනුෂ නානායක්කාර මේ පාර්ලිමේන්තු කථාව තුළ ඉතා භයංකර චිත්‍රයක් නිර්මාණය කරනවා එළඹෙන 9 වෙනිදා ජනතා පෙළගැස්මට එරෙහිව. ඔහු පූර්ව නිගමනය ඉන්න බව පේනවා 9 වෙනිදා ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙයි කියා .ඒ තුළ මිනීමැරුම් , දේපළ හානි සිදු වේවි, නන්නාදුනන කල්ලි කණ්ඩායම් එදාට ක්‍රියාත්මක වේවි කියා.

මනුෂ මේ කළු චිත්‍රය ජනතා මනස මත අඳින්නෙ ආරක්ෂක ලේකම් සහ පොලිස්පති ඔය කියන ආකාරයේ ගැටුමක් පිළිබඳව සකසා තිබෙන පිටපතක් හෙළිදරව් කළ දිනට පසුදින වීම නිසාම ඔහුගේ කතාව අර පිටපතේ ම කොටසක් ද කියන සැකය සහිත ව සිතන්න අපිව පොලඹවනු ලබනවා. අරගල කරුවන් සහ පීඩාවට පත් වී සිටින රටේ ජනතාව එක්ව ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පන්නා දැමීමට පුළුල් ජන බලයක් ගොඩ නැගෙමින් තිබෙන මොහොතක මෙවැනි ඉඟි පළ කිරීම පූර්ව නිගමන ඉදිරිපත් කිරීම ද සැක සහිත ව විමර්ශනය කර ගත යුතුයි.

අවසාන වශයෙන් මනුෂ්‍ය ට මතක් කර දිය යුතු කරුණක් තිබේ. මැයි නම වෙනිදා රට තුළ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කළේ තමන් දැන් ආරක්ෂා කරන රාජපක්ෂලා බවත් තමන් ලෙවකමින් සිටින පොහොට්ටුවේ සගයන් බවත් මතක තබා ගත යුතුයි. මේ මොහොත එළඹෙන තුරු රටේ ජනතාව කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට ගියේ නැති බව මනුෂට දැන් අමතක වී තිබෙන්නේ රාජපක්ෂගේ රෙදි හෝදන්න කැමැත්තෙන්ම තෝරා ගත් හින්දා වෙන්නට ඇති.

leave a reply