ආදාහනය ද භූමදානය ද ආණ්ඩුවේ  කොන්ද බිඳින ප්‍රශ්නය බවට පත්වෙයි

කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මරණ භූමදානය කරනවද ආදාහනය කරනවා ද කියන ගැටලුව අද රටේ ප්‍රධාන ප්‍රශ්නය බවට පත්වෙලා තිබෙනවා. ඊයේ දිනයේදී සමගි ජන බලවේගය මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු වළ දැමීමට අවශ්‍ය කරන දෛනික කටයුතු ලබා දෙන්නට කියා රජයට බලපෑම් කරන උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. මෙහිදී අදහස් දක්වමින් සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශකර සිටියේය බෞද්ධ ජනතාවට පාංශුකූල පූජාව කරන්නට අවස්ථාව සලසා දෙනවා වගේම අනිකුත්  ආගමික අනන්‍යතාවයක් සහිත පුද්ගලයන්ට  ඒ අවශ්‍ය කරන සංස්කෘතික උපහාරය දැක්වීමට අවස්ථාව සලසා දෙන්න ඕන කියලයි.

කෙසේ වෙතත් මේ මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු ආදාහනය කරනවා ද භූමදානය කරනවා ද කියන ගැටලුව මතු වෙන්නේ ආණ්ඩුව  විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ තීන්දු තීරණවලට පටහැනිව දේශපාලන වේදිකාවල ප්‍රකාශ නිකුත් කරන්නට පෙළඹීමත් සමඟයි.  කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු පිළිබඳව තිබුණු සෞඛ්‍ය ප්‍රශ්නය දැන් දේශපාලන ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා අවසානයි.  මේ ප්‍රශ්නය ජාතිවාදීව විග්‍රහ කර ගැනීමේ සිට තම තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් හසුරුවා ගැනීම දක්වාම සංකීර්ණ වී තිබෙනවා.

 විවිධ දේශපාලන පක්ෂ කණ්ඩායම් මේ ප්‍රශ්නයට තම තමන්ගේ කෝණයෙන්  ප්‍රතිචාර දක්වද්දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද  ඔවුන්ගේ පක්ෂයේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව විවරට ප්‍රකාශ කළා

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...