Breaking News

සෞම්‍යයට සදාරණය ඉල්ලා පාරට

මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා අනීතික ලෙස සේවයෙන් පහ කිරීමට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල ශාස්ත්‍රඥයින් සහ සිවිල් සංවිධාන විසින් අද දින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පවත්වන ලද නිහඬ විරෝධයක් පවත්වනු ලැබුවා .

මෙම අරගලය හුදෙක් මහාචාර්යවරයා වෙනුවෙන් ගෙන යන අරගලයක් පමණක් නොවේ; එය විශ්ව විද්‍යාල නව දැනුමින්, පර්යේෂණවලින් සන්නද්ධ ශාස්ත්‍රඥයින්ගෙන් සමන්විත, නව චින්තනයෙන් සපිරුණු ශිෂ්‍ය ප්‍රජාවක් ගැවසෙන අවකාශ බවට පත් වන, කාලීන සහ නවමු අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් කරන දීර්ඝ කාලීන අරගලයක් ද වන බව අලුත් පියාපත් සංවිධානය ප්‍රකාශ කරනවා .

leave a reply