පාලන මිල ඉවතට හතක් තල්ලු කරන් එකක් පෙරට

ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව ලොකු ළූණු, කුකුළු මස්, සීනි, පරිප්පු, අර්තාපල්, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සඳහා පනවා තිබුණු උපරිම සිල්ලර මිල ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව මීට පෙර රජය විසින්  ඉහත අත්‍යවශ්‍ය ආහාර වෙනුවෙන් පනවා තිබූ පාලන මිල රැගත් ගැසට් නිවේදන හතක් බලරහිත වේ. පාලන මිල ඉවත් කිරීමෙන් පසුව සහල් මිල විටින් විට ඉහළ යමින් පවතින අතර මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට පාරිභෝගිකයාව ගසාකෑමේ අවස්ථාව ඉන් උදා වී තිබෙනවා. එපමණක්ද නොව ආණ්ඩුවට පාලනය කර ගැනීමට නොහැකි තැනට අද විවිධ භාණ්ඩ වල මිල ඉහළ යනවා වගේම භාණ්ඩ හිගයන් ද නිර්මාණය වී පාරිභෝගිකයා පෝලිං වල එක එක භාණ්ඩය මිලදී ගැනීම සඳහා සිටින තැනට පත්වී තිබෙනවා. කෙසේ වෙතත් ගෝඨාභය මහින්ද මේ ආණ්ඩුව තමන්ගේ නොහැකියාව සහ  ආණ්ඩුකරණයේ දුබලතාවය මේ මොහොත වන විට  පෙන්නුම් කර අවසන්.

Share post:

Popular

වෙනත් පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...