රනිල් කාන්තාව සවිබල ගැන්වීම ගැන මේ තරම් උනන්දුද?

ජුනි 18 වැනිදා පාර්ලිමේන්තුවට කඩාවැදුණු ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනතක් පිළිබඳ ලබා දී ඇති තීන්දුවක් ප්‍රතික්ෂේප කිරීම සඳහා තේරීම් කමිටුවක් පත් කිරීමට යෝජනා කර තිබේ.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති බහුතරයක් වන කාන්තාවන්ගේ අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය අහිමි කර තිබෙන බවයි. අධිකරණමය මිනීමස්කෑමේ සංස්කෘතියක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථාපිත කරන බව ජනාධිපතිවරයා කියා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය පාලි ආගමික පාඨ නොදන්නා බවත්, ඔවුන් ආගම ඉගෙනගත යුතු බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා තිබේ.

මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමේ සම්ප්‍රදායක් ඇති වුවහොත්, ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට ජනතාවට ඇති අයිතිය විශාල වශයෙන් අභියෝගයට ලක් වනු ඇත. ජනාධිපතිවරයා විසින්, ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුවේ පනත් පිළිබඳ තද තීන්දු ලබා දිය නොහැකි බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් දීම පමණක් සිදු කළ යුතු බවත් ඔහු එහිදී කියා තිබේ.

මෙම පනත් කෙටුම්පත තුලින් කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් කිසිදු දෙයක් යෝජනා කර නොතිබීම ද විශේෂත්වයකි. මෙම කෙටුම්පත හරහා යෝජනා කර ඇත්තේ කාන්තා කොමිෂන් සභාවක් පිහිටුවීම සහ වෙනත් ලිංගික දිශානතීන් ඇති පුද්ගලයන්ගේ අයිතිය තහවුරු කරන බවට වූ වනගන්ති කිහිපයක් පමණි. දැනටමත් කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වූ කටයුතු සඳහා ප්‍රමාණවත් ආයතන ප්‍රමාණයක් රටේ පවතියි. නමුත් ප්‍රධානම ගැටළුවක් වී ඇත්තේ එම ආයතනවලට අවශ්‍ය ප්‍රතිපාදන නොමත්විම, නීති ශක්තිමත් නොවීම වැනි කරුණුයි. මේ කිසිදු දෙයකට විසදුමක් මෙම පනත හරහා යෝජනා කර නැත. එසේම විවිධ ලිංගික දිශානතීන් සහිත පුද්ගලයන්ගේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් වූ ක්‍රියාමර්ග මේ පනත තුළ නැත. එවැනි පනතක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්ථාවට පටහැනී බව කිමද පුදුමයට කරුණකි.

මේ සියල්ල පසෙක තැබුවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් සම්බන්ධයෙන් දෙහි කැපීමට රනිල් ඉදිරිපත් වන්නේ කුමන හේතුවක් නිසාද යන සැකය බොහෝ දෙනෙක් තුළ මතුව තිබේ. රනිල් මේ මොහොතේ උත්සාහ කරන්නේ කෙසේ හෝ ව්‍යවස්ථාමය ගැටයක් ගසා හෝ තමන්ගේ ධූර කාලය දික් කර ගැනීමටයි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට පක්ෂපාත ලෙස ලෙස තබා ගැනීම ඔහුගේ අරමුණක් වෙනු ඇත. ඔහු පාර්ලිමේන්තුවේ මෙවැනි නැටුම් නටන්නේ ඒ නාටකයේ කොටසක් ලෙසද යන සැකය මතුවේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...