ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බන්ධිත වගන්තියක් හෙවත්, ජනමත විචාරණයක් නොමැතිව වෙනස් කළ නොහැකි වගන්තියක් වන 83 (ආ) ව්‍යවස්ථාව වෙනස් කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. එම කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී ව්‍යවස්ථාව ගැන සාවද්‍ය කරුණු සදහන් කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
එමගින් ව්‍යවස්ථාව ගැන ගැටලුවක් ඇතැයි මාධ්‍ය හරහා ව්‍යාජ ප්‍රවෘත්තියක් පැතිරවීමටත්, ජනමත විචාරණයක් කැදවීමෙන් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පිළිබද අවිනිශ්චිතතාවක් නිර්මාණය කිරීමටත් ජනාධිපතිවරයා උත්සාහ කර තිබේ.
වෙනත් ආකාරයකින් කිවහොත්, ජනාධිපතිවරයා විසින් හදිසියේ ජනමත විචාරණයක් කැදවීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. ජනතාව ජනාධිපතිවරණයක් සහ මහමැතිවරණයක් පැවැත්වීමට සූදානමින් තිබෙන අවස්ථාවක මෙලෙස ජනමත විචාරණයක් අවශ්‍ය කෙටුම්පතක් යෝජනා කිරීම විශාල පිරිසකගේ කුකුසක් ඇති කිරීමට හේතු වී තිබේ.
අදාල සංශෝධන යෝජනාව පිළිබද කැබිනට් තීන්දු දැනුම් දීමේ නිල මාධ්‍ය නිවේදනයෙහි මෙසේ සදහන්ය.
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවක් පවතින බව නිරීක්ෂනය වේ. ඒ පිළිබද වන සැකය මගහරවා ගැනීමට සහ කවර හෝ අනනුකූලතාවක් ඉවත් කිරීමට ‘සාවුරුද්දක් ඉක්මවා‘ යන වචන වෙනුවට ‘පස් අවුරුද්දක් ඉක්මවා‘ යන වචන ආදේශ කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.‘
මෙම මාධ්‍ය නිවේදනයෙහි සදහන් වන ආකාරයේ අනනුකූලතාවක් ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබදව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැත. ධුර කාලය පිළිබද කිසිදු ගැටලුවක් නොමැති අතර, ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබද ‘අනනුකූලතාවක්‘ හෙවත් ගැටලුවක් ඇති බව දැවැන්ත බොරුවක් කියා තිබේ. එමගින්, රට තුළ ව්‍යවස්ථාවේ ගැටලුවක් ඇතැයි අනවශ්‍ය ගැටලුකාරී මතයක් නිර්මාණය කර තිබේ.
ව්‍යවස්ථාවේ 30 (2) ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව ධුර කාලය ගැන සදහන්ය. ජනාධිපතිවරයාගේ ධුර කාලය ගැන සදහන් වන එකම ස්ථානය මෙය වේ. තවත් තැනක අන් යමක් නැත.
‘ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධුරය දරන්නේය.‘
62(2) ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුවේ ධුර කාලය ගැන සදහන් වේ. පාර්ලිමේන්තුවේ ධුර කාලය සදහන් වන එකම ස්ථානය මෙය වේ.
‘සෑම පාර්ලිමේන්තුවක්ම පළමුවරට රැස්වීමට නියමිත දින පටන් පස් අවුරුද්දකට නොවැඩි කාලයක් පවතින්නේ ය. එහෙත් නියමිත කාල සීමාව ඉකුත් වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැක්කේය. එකී පස් අවුරුදු කාලය ඉකුත්ව ගිය විටම පාර්ලිමේන්තුව විසිර ගියාක් සේ සැලකෙන්නේය.‘
83 (ආ) වැනි ව්‍යවස්ථාවේ සදහන් වන්නේ, ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ ධුර කාලය ගැන නොවේ. එහි ජනාධිපතිවරයා හෝ පාර්ලිමේන්තුව කෙතරම් කල් සිටිය යුතුද යන්න ගැන කිසිම සදහනක් නැත. එහි සදහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන අවස්ථාවක ජනමත විචාරණයක් අවශ්‍ය වන අවස්ථාව ගැන සදහන් කිරීමට පමණි.
30 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සදහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද, අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්වා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට,
පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයකදී එය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වන ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් සිය ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් වන්නේය.‘
යනුවෙනි. ඒ අනුව එම වගන්තියේ ජනාධිපතිවරයා හෝ පාර්ලිමේන්තුව පැවතිය යුත්තේ අවුරුදු කීයක්ද යන කාරණය ගැන කිසිදු සදහනක් නොමැත.
ව්‍යවස්ථාවේ කිසිසේත්ම ගැටලුවක් නැත. ජනමතවිචාරණයක් යනු රුපියල් බිලියන 10කට ආසන්න විශාල වියදමක් වැය වෙන කාරණයකි. මීට පෙර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙලාවේ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන සංශෝධන පමණක් සිදු කළ නිසා උක්ත වගන්තියේ වෙනසක් සිදු කළේ නැත. එයින් පසු වසර 10කට ආසන්න කාලයක් තිස්සේ ධුර කාලය ගැන කිසිම අවිනිශ්චිතතාවක් හෝ අනනුකූලතාවක් හෝ පැන නැග්ගේ නැත. ඒ අනුව මේ හදිසියේ ජනමත විචාරණයක් කැදවා විසදන්නට තරම් කිසිදු ගැටලුවක් ව්‍යවස්ථාවේ නැත.
මෙය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මැතිවරණය අස්සට ජනමත විචාරණයක් එබීමෙන් අනවශ්‍ය ව්‍යවස්ථා සංකූලතාවක් නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයකි.
ජනාධිපතිවරයා මැතිවරණවලට බියෙන් සිදු කරන නින්දිත ක්‍රියාකාරකම් ගොන්නක තවත් එක ක්‍රියාවකි.
උපුටා ගැනීම – වට් නිව්ස්