කොරෝනා වෛරසයේ අවසානය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනාවැකියක්

ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසයේ අවසානයක් දැකීමට තවත් වසර දෙකක කාලයක් ගත වෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයිසස් පවසා තිබේ.

මිලියන 50 කට අධික පුද්ගලයින් සංඛ්‍යාවක ගේ ජීවිත බිලිගනිමින් වර්ෂ 1918 දී ලොවපුරා ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ නම් වෛරසයේ ව්‍යාප්තිය අවසන් වීමට වසර දෙකක කාලයක් ගතවූ බව මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සිහිපත් කර ඇත.

වර්තමාන ලෝකයේ ඇති තාක්ෂණික දියුණුව නිසා වසංගත තත්ත්වය ඊට පෙර අවසන් වීමට ඇති හැකියාවද ඉතා ඉහල බවය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස වී තිබේ.

” වසංගත ව්‍යාප්තිය පාලනය කිරිමේ තාක්ෂණික හැකියාව සහ දැනුම අප සතුවන්න පුළුවන්. නමුත් ඊට වඩා ජාතික සමගිය හා ගෝලීය සහයෝගිතාවය ද ඉතා වැදගත්” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසා ඇත.

කොරෝනා වෛරසය මේවනවිට ලක්ෂ 8ට ආසන්න ජනතාවක් මරා දමා ඇති අතර මිලියන 23කට පමණ රෝගය පැතිරී තිබේ.

පසුගිය සිකුරාදා (21) දින ලෝකය පුරා කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගිය අතර ඇමරිකාව තුළ පමණක් කොරෝනා මරණ 1000ක් වාර්තා විය. එසේම යුරෝපා රටවල් කිහිපයක් මාස කිහිපයකදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ගණන පසුගිය සිකුරාදා වාර්තා කර තිබුණි. ප්‍රංශය, ස්පාඤ්ඤය, පෝලන්තය සහ ස්ලෝවැකියාව වැනි රටවල විශේෂිත වැඩිවීමක් සිදුව ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...