පසුගිය වසරේ විදේශ ණය ගෙවීම් ගැන මුදල් අමාත්‍යංශ තොරතුරු අතුරුදන්

පසුගිය වසරේදී (2023) විදේශ ණය ලෙස ආපසු ගෙවන ලද සඳහන් රුපියල් මිලියන 337,296ක මුදල සම්බන්ධයෙන් තොරතුරු සටහනක් හෙළිදරව් කර නොමැති බව අනාවරණය වී තිබේ.

මෙම මුදල රුපියල් කෝටිවලින් නම් 33,729කට අධික මුදලකි. එතරම් විශාල ධනයක් සම්බන්ධයෙන් සටහන් නොතැබීමට තරම් මුදල් අමාත්‍යංශයේ කටයුතු වගකීම් විරහිතව සිදු වන්නේ දැයි බරපතළ ප්‍රශ්නයක් මතුවී තිබේ.

මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා එක් කර තිබෙන විගණන වාර්තාවෙන් මෙම තොරතුරු අනාවරණය කර ඇත. එහි වැඩි දුරටත් දැක්වෙන්නේ “සටහන් අංක 14 මගින් දේශීය ණය ආපසු ගෙවීම්වලට අදාළ තොරතුරු හෙළිදරව් කර තිබුණ ද, 2023 වර්ෂය තුළදී විදේශ ණය ආපසු ගෙවීම් වටිනාකම වූ රුපියල් මිලියන 337,296කට අදාළව එවැනි සටහනක් ඉදිරිපත් කර නොතිබුණි.“ යනුවෙන් ය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...