පසුගිය වසරේ විදේශ ණය ගෙවීම් ගැන මුදල් අමාත්‍යංශ තොරතුරු අතුරුදන්

පසුගිය වසරේදී (2023) විදේශ ණය ලෙස ආපසු ගෙවන ලද සඳහන් රුපියල් මිලියන 337,296ක මුදල සම්බන්ධයෙන් තොරතුරු සටහනක් හෙළිදරව් කර නොමැති බව අනාවරණය වී තිබේ.

මෙම මුදල රුපියල් කෝටිවලින් නම් 33,729කට අධික මුදලකි. එතරම් විශාල ධනයක් සම්බන්ධයෙන් සටහන් නොතැබීමට තරම් මුදල් අමාත්‍යංශයේ කටයුතු වගකීම් විරහිතව සිදු වන්නේ දැයි බරපතළ ප්‍රශ්නයක් මතුවී තිබේ.

මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා එක් කර තිබෙන විගණන වාර්තාවෙන් මෙම තොරතුරු අනාවරණය කර ඇත. එහි වැඩි දුරටත් දැක්වෙන්නේ “සටහන් අංක 14 මගින් දේශීය ණය ආපසු ගෙවීම්වලට අදාළ තොරතුරු හෙළිදරව් කර තිබුණ ද, 2023 වර්ෂය තුළදී විදේශ ණය ආපසු ගෙවීම් වටිනාකම වූ රුපියල් මිලියන 337,296කට අදාළව එවැනි සටහනක් ඉදිරිපත් කර නොතිබුණි.“ යනුවෙන් ය.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...