මෙම ලිපිය ලිවීමේ මුලිකම අරමුණ නම්, මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පවතින නිදහස් අධ්‍යාපනය කේන්ද්‍රීය විදී අරගල වෙත සහයෝගය පලකිරීමේ වැදගත්කම විස්තර කිරීමටය. සැකෙවින්ම මම, මේ මොහොතේ ගුරු වෘත්තීයවේදීන් ගේ අරගලයට මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධව ගෙන යන අරගයල්ට කොන්දේසි විරහිතව සහයෝගය දක්වමි. එසේ සහයෝගය දැක්වීමට පහත හේතු සාධක දායක වේ.
ශ්‍රමය හැරුණු විට කිසිදු ඉපයීමක් නොමැති මා හට අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු මුල්‍ය වෙන්කිරීමක් දරාගත නොහැකිය.මේ මොහොතේ පවතින උද්ධමනය සහ ජිවිතය පවත්වාගැනීමට අත්‍යවශ්‍ය වන භාණ්ඩ වෙනුවෙන් මිලදීගැනීමේ අවම හැකියාවෙන් යුත් මගේ පංතියේ බහුතරයක් හට අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන්කිරීමට හැකියාවක් නොමැති බව මම හොදින්ම දනිමි. නිදහස් අධ්‍යාපනය නොමැති වූ යේ නම්, මගේ මවුපියන් හට ද , අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු වැයකිරීමක් කිරීමට නොහැකිව , මළපොතේ අකුරු නොදන්නා අනාගතයක් මට ඉතිරි කරනු ඇත. එය ඔවුන්ගේ වරදක් නොව, ඔවුන් ගේ සුරාකනු ලැබූ ශ්‍රමය වෙනුවෙන් නිසි වෙළඳ පොළ වටිනාකම් ක් නොවුණු අතර, ඔවුන්ට ලද අදායමෙන් අවම කොන්දේසි යටතේ ජීවිතය පවත්වාගැනීමට පමණක් හැකි වන පාලනයක් හිමිවීමේ ප්‍රතිපලය එය වීමය. එවිට මට සිදු වන්නේ ද ප්‍රවේනි ක්‍රමය යටතේ දී මෙන් , අවම මුදලට ශ්‍රමය වගුරවන ආර්ථිකය තුල ශ්‍රමිකාවක වී, යම්තමින් ජීවිතය ගැටගසා ගැනීමටය.
අවම සුභ සාධනීය අධ්‍යාපනයේන් බිහිවූ ශ්‍රමික / ශ්‍රමිකාවන්ය මෙම අවම සුභ සාධනීය තත්වය යටතේ හෝ ඔවුන් අධ්‍යාපනය ඉහළ තලයක් වෙත සපුරාගැනීමට අසමත් වුයේ ඇයි ? එය දරිද්‍රතාව සහ අවම සුභ සාධනීය අධ්‍යාපනය යටතේ එකිනෙකට සම්බන්ද බව හදුනාගත නොහැකිද ? මේ මොහොතේ දී නිදහස් අධ්‍යාපනය ලෙස ඉතිරිව පවතින එකම ලක්ෂණය නම්, ගාස්තු අයකිරීමකින් තොරව පෙළපොත් සහ එම සේවාව සැපයීම පමණක් වන විට, එවනි තත්වයක් තුල ද බහුතරයක් නිසි ශ්‍රම ඇගයීමක් නොමැති ක්ෂේත්‍රයන් වෙත ප්‍රවේශ වීමට සිදුවනවිට, අධ්‍යාපනය මුදල් ගෙවා ලබා ගත යුතු වූ විට , දියුණු ශ්‍රමිකයන් බිහිකිරීමට හැකි වේ යන මිත්‍යාව තව දුරටත් පිළිගත හැකිද ?
එසේම වර්තමානයේ පවතින නිදහස් අධ්‍යාපනය හරහා ද විවිධ ක්ෂේත්‍රවල ශ්‍රමිකයන් බිහිවන පරාසයක් දැකිය හැකිය. නිදසුනක් ලෙස, ගෝලීය වසංගතය තුල ඩොලර් හිඟ රටේ ආර්ථිකය වෙනුවෙන් උපයාදීම් සිදුකරනුයේ, අවම මුල්‍ය ශ්‍රමයක් හිමි, ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රමික / ශ්‍රමිකාවන්ය. ඔවුන් හට අවම ශ්‍රමික සුභ සාධන තත්වය හෝ හිමි නොවන්නේ මන්ද ? ගෝලීය වසංගතය තුල දී හෝ, පෞද්ගලිකත්වය සුරක්ෂිත වන ලෙස, මොවුන් ගේ ජිවත් වීම සහ නිදහසේ රැකියාවේ නිරත වීමේ අයිතිය තහවුරු කිරීමට ගෝලීය සහ දේශිය ප්‍රාග්ධන හිමිකාරිත්වයන් අසමත් වීම කියා දෙන පාඩම නම්, ශ්‍රමිකයන් නිෂ්පාදනය කරන ලෙස අධ්‍යනය වෙනස් වුවද එයින් පුනර් නිෂ්පාදනය වනුයේ පීඩනයට පත් තවත් ශ්‍රමිකයන් කාණ්ඩයමක් පමණි. කුසලතා කොපමණ වර්ධනය වුව ව ආරක්‍ෂිත වැඩ ලෝකයක් නොවේ නම්, ශ්‍රම දායකත්වය සාරවත් වේයැයි නිගමන කළ හැකිද ?
“දෙමළා ගෙන් සහ මුසල්මානුවාගෙන් භුමියේ අයිතිය බේරාගැනීම වෙනුවෙන් තම ජන්දය භාවිතා කළ” දරු-පවුල් සහිත මාගේ මිතුරැ -මිතුරියන් ද පවසනුයේ, නිදහස් අධ්‍යාපනය යම් දුරකට හෝ පවතින අද දවසේ ද, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තමන් ද දැරිය හැකි වියදම ඉතාම දුෂ්කර බවය. මදක් සිතන්න, මෙම අවම සුභසාධනය හෝ නොමැති ව , වෙළඳපල කරණය වූ අධ්‍යාපනයක් තුල, මොවුන් කුමන දුෂ්කරතාවයන් ට පත්වේද? ඒ දරුවන් හට වර්තමානයේ ද දේශපාලනිකරණය වූ ශ්‍රම වෙළඳ පොළ තුල අවම සුභ සාධනීය අධ්‍යාපනය හේතුවෙන් රැකියා අවස්ථා වෙත ප්‍රවේශ වීම අසීරු විට, මුල්‍ය හැකියාව නොමැතිවීම මත අධ්‍යාපනය ද අහිමි වූ දරුවන් වෙත ඉතිරි වන ශ්‍රම අවස්ථා කුමක් වනු ඇතිද? ඔවුන් ට බොහෝ විට, අවම වැටුපක් සහිත ව කර්මාන්තශාලා හි හෝ හමුදා ශ්‍රමයේ හෝ පමණක් ඉඩ ප්‍රස්ථාව හිමි වනු ඇත.
අධ්‍යාපන සුභ සාධනය අහිමි කිරීම තව දුරටත් නිදහස් සෞඛ්‍ය ක්‍රමිකව පෞද්ගලිකකරණය කිරීම හරහා විස්තර කිරීමට කැමැත්තෙමි. මෙම covid 19 ගෝලීය වසංගතය සමඟ සෞඛ්‍ය පහසුකම් පෞද්ගලික අංශය වෙත පවරා දීම මත පැන නැගී අසීරුතාවන් මෙහිදී අත්‍යසනය උදාහරණය වේ. නම්කරන ලද පෞද්ගලික රෝහල් මගින්, ඉතාම අවම පසුකම් යටතේ , සේවා ඉහල මුදලකට සැපයීම මෙන්ම මේයට සමගාමිව රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවාව පහල මට්ටමක පැවතීම ඔබ කවුරුත් මේ මොහොතේ දී අත්දකින කෘර යතාර්තයකි. මගේ ආඛ්‍යානය නම්, මහනුවර “ආසිරි ” පෞද්ගලික රෝහල ක්‍රමිකව විවිධ සෞඛ්‍ය අංශ යටතේ ශ්‍රීඝ්‍ර වර්ධනයට ලක්වී අලංකාරව නගරය මැද වැජඹෙන විට, පේරාදෙනිය සහ මහනුවර රෝහල් පද්ධතිය වෙත අවධානය යොමු කරන්න. ලේ, මුත්‍ර හෝ හෘද රෝග පර්යේෂණ දිනෙන් දින අවම වන හෝ, සිමාවන පරිසරයක් වෙත මුහුණ පාමින් සිටින අපහට , ජීවත්වීම මුදල් මත තීරණය කරන පසුබිමික් ගොඩ නැගෙනුයේ, නිදහස් සෞඛ්‍ය අනුක්‍රමණයෙන් පෞද්ගලිකකරණය හේතුවෙනි.
මෙම තත්වය යටතේ, ජීවිතය බේරාගැනීම වෙනුවෙන් රාජ්‍ය රෝහල් පද්ධතිය තුල වරප්‍රසාද හිමි පුද්ගයකු වීම අනිවාර්ය කර තිබේ. නිදසුනක් ලෙස, මේ මොහොතේ දී , හමුදා ශ්‍රමිකයකු වීම එසේ ජිවිතය බේරාගැනීමට යම් අගයක් හිමි කරන රැකියාවක් වුවද , එය රාජ්‍ය රෝහල් පද්ධතිය තුල දීර්ඝකාලීනව පවතිනු ඇතියි යන්න නිශ්චිතව කිව හැකිද ? එසේම එම වර්ප්‍රසාධිත පංතිය ට අයත් නොවේනම් , ජීවිතය බේරාගැනීම වෙනුවෙන් මුල්‍ය හැකියාව අත්‍යවශ්‍ය වනු ඇත. එහිදී, දරාගත නොහැකි සෞඛ්‍ය වියදම් වෙනුවෙන්, මුල්‍ය වංචා හෝ අවනීතික ඉපයීම් මතද යැපීමට සිදුවනු ඇත. මේ අප මේ මොහොතේ අත්දකින ව්‍යවසනයක් වන එය අධ්‍යපනය වෙතද උදාකර දිය යුතුද ?
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දෙමාපියවරු නියෝජනය කරමින්, තමරා කන්නන්ගර පැවසුවේ, එම විශ්ව විද්‍යාලය ” දියණිය ට ආරක්ෂාව සපයන හොඳම විශ්ව විද්‍යාලයක් කියලා හිතලා මගේ දියණිය ව එයට ඇතුලත් කල අතර, සියලු දෙනාම එක වගේ ඇඳුමක් මගින් සම සේ සම අධ්‍යාපනය නිරුපනය වන බවත් ” පැවසිය (https://www.youtube.com/watch?v=j757Bu6mOBI&t=1893s). බන්ධනාගාරය තුල ද ඉතා ආරක්ෂිතව (කුඩුවක සිටම ), එකම සමාන ඇඳුමක් ඇඳ නොමිලේම අධ්‍යාපනය කල හැකි හෙයින් ඔබ බන්ධනාගාරය දියණිය වෙනුවෙන් තොරනොගන්නේ මන්ද යන්න මගේ ගැටලුව වේ. එසේම එහිම නියෝජිතයකු වන , ආචාර්ය පින්තූ ජයවර්ධන පැවසුවේ, උසස් පෙළ කරන අවධියේ දී දරන ලඳ වියදමට ද වඩා අඩුවෙන් වියදම් කිරීමෙන් අධ්‍යාපනය ලබාගැනීමට තමන්ගේ දරුවන් ට හැකි බවය. මගේ තර්කය නම්, සිදු විය යුතු වන්නේ, වියදම් අඩුකිරීම නොව, කිසිදු වියදමකින් තොරව අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව සැමට තහවුරු කිරීම වේ. එවිට පෞද්ගලික අංශය වෙත අධ්‍යාපනය විකිණීම වෙනුවට රාජ්‍ය යෙන් නඩත්තු වන සේවාවක් බවට පත්කරගත යුතුය.
මගේ කතාව අවසන් කරමින් මෙසේ ලියා තබමි. විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකාවක වූ තමිලිනි ලියු බවට සැලකෙන “තියුණු අසිපතක සෙවන් යට ” කෘතියේ හි විවිධ පරිච්චේ ද උත්කර්ෂණය ට නඟන සිංහල බෞද්ධ -පිතෘ මුලික රාජ්‍ය විවිධ අවස්තා වලදී ඉස්මතු කල කරුණක් නම්, “අරගලය වෙනුවෙවට ප්‍රේමය තෝරාගත යුතුව තිබුණු බවය “. නමුත් සිදු ව ඇත්තේ කුමක්ද ? එම සිංහල – බෞද්ධ පිතෘ මුලික රාජ්‍ය විසින් , උතුරේ අරගලය මිලිටරි සපතුවෙන් පෑගු පසු , දකුණේ අරගලය විනාශ කිරීමට කටයුතු කරන බවය. එහිදී එම අරගලය වෙන්වුවෙන් පෙනී සිටින සියලු දෙනා ද්‍රෝහින් ලෙස ද , මෙය අරගලය ට නිශ්චිත වෙලාව නොවව බව ද පුන පුනා සඳහන් කරයි . එසේ කරමින් අරගලයට නායකත්වය දෙන පිරිස් වෙත ප්‍රචණ්ඩත්වය මුදා හරි. එය උතුරේ සිදු කරන විට , දකුණේ සිංහල – බෞද්ධයා , දෙමළා වෙත කිවේ, අරගලය අතර හැර එන්න ප්‍රේම කරන්න කියාය. අද දකුණේ සිංහල – බෞද්ධයා ට ඔවුන්ගේ රාජ්‍ය කියමින් සිටින්නේ ද අරගලය අතහැර එන්න ප්‍රේම කරන්න කියාම නොවේද ?