ආහාර අර්බුදය ස්වභාවික ආපදාවක් නෙවෙයි, පාලකයන්ගේ සැලසුම්වල ප්‍රථිපලයක් – රවීන්ද්‍ර කාරියවසම්

ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇති වීම ගැන දේශපාලන අධිකාරිය විසින්ම ප්‍රකාශ කෙරෙමින් තිබුණද එය ස්වභාවික ආහාර අර්බුදයක් නොව එය මහින්ද රාජපක්ෂලා,ගෝඨාභය රාජපක්ෂලා,රනිල් වික්‍රමසිංහල දීර්ඝ කාලීනව සිදුකරන ලද සැලසුම්වල ප්‍රතිඵලයක් බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි.

ආණ්ඩුවට එරෙහිව එල්ල වෙමින් තිබෙන ජන විරෝධතා මැඩලීමට රජය විසින් මෙවැනි අර්බුද යොදා ගනිමින් තිබෙන තිබෙන බව රවීන්ද්‍ර කාරියවසම් පවසා ඇත.

සංවර්ධන ප්‍රකාශයට අනුව සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාව අතර බෙදී යා යුතු වුවත් පසුගිය කාලය තුළ රටේ සිදු වූ සංවර්ධනයේ ප්‍රතිලාභ බෙදී ගොස් ඇත්තේ රාජපක්ෂ පවුලට පමණක් බව හෙතෙම පෙන්වාදෙයි.

ඒ අනුව මෙම පවුල විසින් රට සතුව තිබූ ඩොලර් බිලියන 18ක් හොරකම කර තිබෙන බව මාධ්‍ය මඟින් මේ වන විටත් ආනාවරණය කර තිබෙන බවද කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

අවසානයේදී රටේ ජනතාවගේ ආහාර ගැන තිබෙන නිදහස් අහිමි කර තිබෙන බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඒ අනුව මේ රටේ ජනතාවට අරගලයකින් තොර ජයග්‍රහණයක් නැති බව ඔහු වැඩිදුරටත් පවසයි.

උපුටා ගැනීම – ලංකා නිව්ස් වෙබ්

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...