අපි දැක්කා ඉරාජ් ජවිපෙට මඩ ගහන්න පාවිච්චි කරපු වචනයක් අල්ල ගෙන ලංකාවෙ සාහිත්‍ය – කලා ව්‍යාපෘතියෙ නිරත වෙලා ඉන්න හඳගම වගේ චරිත පවා ඒ වචනෙ ම ජවිපෙට මාකට් වෙන විදියට පාවිච්චි කළ හැකි බවට යෝජනා කරලා තිබුණා.ඒ අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වෙච්ච යෙදුමක් තමයි පල්ලෙහා තියෙන්නෙ.
“වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද
ජවිපාවුන් වැනි මිනිසුන් ඇත.”
රේඛා ටෙලි නාට්‍යයට සුනිල් ආරියරත්න ලියපු සින්දුව ටිකක් වෙනස් කරලා තමයි මේ ස්ලෝගන් එක හදා ගෙන තියෙන්නෙ.
දැන් අපට තියෙන ප්‍රශ්නෙ මේ එකක්වත් නෙවෙයි හඳගම වගේ කලාකාරයෙක් මෙච්චර කල් මෙච්චර සීරියස් චිත්‍රපටි කරලා අන්තිමට අපට කියන්නෙ මේක ද,කියන එක.දැන් අපට අවශ්‍ය වන්නේ වන සිවුපාවුන් වෙනුවට ආදේශකයක් නොව මිනිසුන් වන සිවුපාවුන් බවට පත් වන සමාජ ක්‍රමයේ විප්ලවීය පරිවර්තනයක් බව ඒ මහා කලාකරුවන්ට අප කියා සිටිය යුතුය.තමන්ගේ කලා කෘති මඟින් මතු කරන බරපතළ ශිෂ්ටාචාරමය අර්බුදයන්ට විසඳුම මේ තරම් සරල තර්කනයකට ලඝු කළ හැකි නම් ඇත්තෙන් ම එබඳු කලා කෘති නිපදවීමේ අර්ථයක් නැත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම සඳහා කෝටි පහළොවක් විතර වැය වන තත්ත්වයක් යටතේ ඇත්තට ම ඇත්ත මිනිසුන් බිහි කළ හැක්කේ කෙසේද ?මෙතෙක් කල් මේ ආයතනයන්ට මිනිසුන් විසින් පත් කරන ලද මිනිසුන් බොරුකාරයන් වූයේ ඔව්න්ගේ පෞද්ගලික ජීවන භාවිතයේ වන ප්‍රශ්නයක් නිසා පමණ ද ?ඇත්ත මිනිසුන් යන්න තීරණය කිරීමේ නිර්ණායකය වන්නේ සොරකම් නො කරන මන්ත්‍රීවරයා යන්න පමණ ද ?ජාතික ගැටලුව සම්බන්ධ ස්ථාවරය,ලිංගිකත්වයට අදාළ ස්ථාවරත්වය,ආගමික සංවිධානයන්ගේ හෙජමොනියට යටත් වන්නේ ද,නැද්ද,යන්න,මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන ස්ථාවරය,පෞද්ගලීකරණය සම්බන්ධයෙන් වන ස්ථාවරත්වය,නව ලිබරල් ධනවාදය සම්බන්ධයෙන් වන ස්ථාවරත්වය යනාදී වශයෙන් වන ගැඹුරු දේශපාලන,ආර්ථික,සමාජ සංස්කෘතික ක්ෂේත්‍රයන්ට අදාළ ප්‍රතිපත්තිමය සාධක කිසිවක් නො සලකා ඇත්ත මිනිසුන් යන්න තීරණය කිරීමේ එක ම මූලාශ්‍රය සොරකම් නො කිරීම ලෙස පිළිගැනීමට තරම් හඳගම බඳු කලාකරුවන් ඇඳ වැටීම ඛේදජනක ය.
යම් හෙයකින් නුදුරු අනාගතයේ දී රුදුරු ලෙස ජවිපාවුන් ද වන සිවුපාවුන් බවට පත් වුවහොත් ඉන්පසුව ඒ පිළිබඳ වගකීම ජවිපාවුන් පිට ම පටවා ඒ පිළිබඳවත් සීරියස් චිත්‍රපටයක් නිර්මාණය කිරීම හැර හඳගමලා කුමක් කරනු ඇත් ද ?එසේ වන සිවුපාවුන් බවට පත් වූ ජවිපාවුන් ගැන අවශ්‍ය තරම් විස්තර දැනටමත් අප සතු වන බැවින් එය එසේ නො වනු ඇතැ යි තර්ක කළ නො හැකිය.
එපමණක් නොව මධ්‍යම පාන්තික කුටුම්භ ජීවිත නඩත්තු කරමින් අඩුවැඩි වශයෙන් වන සිවුපා ජීවිත ගත කරන අප සියලු දෙනා අපගේ වන සිවුපා ගති එලෙස ම තිබිය දී දෙවියන් වැනි මිනිසුන් පිරිසක් පැමිණ අප ශිෂ්ට කරනු ඇතැ යි විශ්වාස කිරීමට තරම් මේ මහා කලාකරුවන් දාර්ශනික දරිද්‍රතාවයකට ඇද වැටීම පුදුමසහගත ය.ජවිපාවෙකු වූ සැණින් වන සිවුපාවුන් දෙවියන් බවට පත් නො වන්නාක් මෙන් ම අප තුළ වන, වන සිවුපාවා එලෙස ම සිටිය දී අනෙකා දෙවියෙකු වනු ඇතැ යි විශ්වාස කිරීම ද විකාරයකි.
එළියේ සිටින්නේ වන සිවුපාවුන් වන විට ඇතුළට ජවිපාවුන් යවා කළ හැක්කක් නොමැත.කළ යුත්තේ අප සියලු දෙනා එක්ව මේ වන සිවුපාවා අඩු ම තරමේ මිනිසෙකුවත් බවට පත් කිරීම සඳහා වෙහෙසීම ය.එසේ නොමැතිව අප වෙනුවෙන් කිසිවෙකු ඒ කාර්ය කර දෙනු ඇතැ යි විශ්වාස කළ නො හැකිය.
එනිසා ඒ උඩ ස්ලෝගන් එක අපි නැවත මෙසේ ලියමු.
“වන සිවුපාවුන් වැනි මිනිසුන් හැම
දෙවිදේවතාවුන් කළ යුතු වී ඇත.”