පසුගිය ආණ්ඩුව විසින් ආරම්භ කිරීමට සැලසුම් කළ තවත් ව්‍යාපෘතියක් වන ගංජා වගා කිරීමේ ව්‍යාපෘතිය මේ ආණ්ඩුව යටතේ ඉදිරියට ගෙනයාමට අනුමැතිය හිමිව තිබේ.
මෙහි ඇති සොපහාසයට කරුණ නම් මෙම ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමේදී ඊට මේ ආණ්ඩුවේ වර්තමාන මැති ඇමතිවරුන් විවේචන සහ සෝපහාස එල්ල කර තිබීමයි. සමාජ මාධ්‍ය හරහා ඒ ආකාරයෙන් එල්ල කරමින් තිබූ සෝපහාසය ඇතුළත් පොස්ට් දැන් සමහරුන් විසින් නැවත බෙදා හරිමින් සිටියි.

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට දැඩි කොන්දේසි යටතේ කංසා වගාකිරීම සඳහා නීත්‍යානුකූලව විදෙස් ආයෝජකයන් හත් දෙනෙකු සඳහා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස රජය විසින් අවසර ලබා දීම හා එම ආයෝජකයන් සඳහා මීරිගම ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 64 ක් දැනටමත් වෙන් කර ඇති බව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන සඳහන් කර තිබුණි.
ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍ය ්‍යවේදීන් විසින් මේ පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙතින් විමසා තිබේ.
අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු සමයේ දී, එනම් 2024 අප්‍රේල් මාසයේ දී එවකට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා යටතේ රෙගුලාසි සකස් කර ඇති බවයි.
කෙසේ නමුත්, එම රෙගුලාසිවලට අනුව ආයෝජන මණ්ඩලය සම්බන්ධ කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකියාව තිබූ නමුත්, ක්‍රමවේදයේ තිබූ ගැටලු හේතුවෙන් ආයෝජකයන් 07 දෙනෙකු පැමිණියත් ඒ සඳහා කාලයක් ගත වූ බවයි එහි දී අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවේ.
මේ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යංශය ඇතුළු ආයාතන කිහිපයකින් ම අනුමැතිය ලබා ගත යුතු බවත්, ඒ පිළිබඳව සාකච්ඡා කර මෙය රටට ලැබෙන ආයෝජනයක් නිසා මෙන්ම මෙය සිද්ධවන්නේ දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ වන හෙයින් වගාවේ සියලුම කොටස් අපනයනය සඳහා වන මෙම වගා කටයුතු සඳහා අනුමැතිය ලබා දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පැහැදිලි කර තිබේ.
අමාත්‍යවරයා මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමක් ලෙස ආයෝජකයන් සඳහා යම් සහනයක් හා නියාමනයක් ලබා දිය හැකි හෙයින් මෙය ආයෝජන කලාපයන්හි පමණක් සිදු කරනු ලබන බව හා මෙම වගාවන් පාලිත තත්ත්වයන් යටතේ සිදු කළ යුතු හෙයින් ආයෝජන කලාපයන්ගේ පමණක් ම මෙය සිදු කරනු ලබන අතර වෙනත් ස්ථාන පිළිබඳ තවම සාකච්ඡා වී නොමැති බව ද එහි දී සඳහන් කරනු ලැබුවා.
මෙම අවසර ලබා දීම ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන්නේ මාස 06 ක කාලයක් සඳහා පමණක් බවයි අමාත්‍යවරයා අවසාන වශයෙන් සඳහන් කරනු ලැබුවේ.
මැතිවරණයට කලින් කර්මාන්ත සංවර්ධනය ගැන බන දේශනා කළ ආණ්ඩුවේ වර්තමාන ඇමතිවරු දැන් රනිල්ගේ වැඩ පිලිවෙලම ඉදිරියට රැගෙන යාම සාධාරණියකරණය කරමින් සිටියි.