ගුරු-විදුහල්පතිවරු යලි පාරට

සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු හෙට (12) දහවල් 1න් පසු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. “දැන් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු සිදුවෙනවා. මේ සාමාන්‍ය පෙළ ඇගයීම් සඳහා ලබා දෙන දීමනාව මේ වන විටත් ලබාදීලා නැහැ.දීමනා වැඩි කිරීමක් සිදු කරලත් නැහැ. හෙට සාමාන්‍ය පෙළ විභාගය ඇගයීම් කටයුතු 1න් පස්සේ නතර කරනවා. මේක විභාග කොමසාරිස්වරයාට අපි ලිඛිතව දැනුම් දීලා තියෙන්නේ. අපේ ස්ථාවරය තමයි මේ වර්ෂය තුළ ගුරු – විදුහල්පති වැටුප් සමතාව වෙනුවෙන් මුදල් වෙන් කර යුතුමයි කියන එක.”

ඒ අනුව හෙට දහවල් සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන 101 ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල 100ක් ඉදිරිපිට ගුරු – විදුහල්පති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බවත් ඔහු සඳහන් කළා.

ගුරු-විදුහල්පති වැටුප් දීමනාව ඉවත් කිරීම, අධ්‍යාපනයේ බර දෙමව්පියන් මත පැටවීම වහා නතර කිරීම යන ඉල්ලීම් මුල් කරගෙන හෙට පාසල් අවසන්වීමෙන් පසු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිතයි.

Share post:

Popular

වෙනත් පුවත්

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...