ත්‍රීමලේ සිසු ඝාතනයට වසර 19ක් – යුක්තිය තවමත් ප්‍රමාදයි

ත්‍රිකුණාමලය මුහුදු තිරයේදී සිසුන් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට වසර 19ක් ඉකුත්ව තිබේ.

මනෝහරන් රජිකර්, හේමචන්ද්‍රන් යෝගරාජා, ලෝහිතරාජා රෝහන්, තංගතුරෙයි සිවානන්දා සහ ෂන්මුගරාජා ගජේන්ද්‍රන් යන විසිවැනි වියේ පසුවූ පාසල් සිසුන් පස්දෙනා ත්‍රිකුණාමල මුහුදු තීරයේදී වෙඩිතබා ඝාතනය කර තිබුනේ 2006 වසරේ ජනවාරි 02 දිනයි.

මෙම ඝාතන සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට චෝදනා එල්ල විය. නමුත් මෙතෙක් එම ඝාතනයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ඝාතකයන්ට දඬුවම් දීමක් සිදුව නැත.

මේ අතර විකීලීක්ස් කේබල්වලින් හෙළිදරව් වී ඇති කරුණු අනුව, මහාමාර්ග සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ එවකට ඇමෙරිකන් තානාපතිව සිටි රොබර්ට් බ්ලේක් සමග පවසා ඇත්තේ එස්ටීඑෆ් භටයන් ක්‍රියාවට සම්බන්ධ වූ බව තමන් (ආණ්ඩුව) දන්නා නමුත්, ඔවුන්ට නඩු පැවරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති කම නිසා බවයි. ‘තුවක්කු සහ උණ්ඩ පිළිබඳ සාක්‍ෂිවලින් එය ඔප්පු කළ නොහැකියි. සමහරවිට මිනිසුන් ඝාතනයේදී ඔවුන් වෙනස් අවි භාවිතා කරනවා විය හැකි යැ’යි ඔහු ප්‍රකාශ කළ බව විකීලීක්ස් හෙළිකරයි. මෙය සත්‍ය ගරුක ප්‍රකාශයක් ලෙස විස්තර කිරීමට ඇතැමුන් කැමැති වුවද මෙම සමස්ත ඝාතන මාලාවේ ස්වභාවය පිළිබඳ වැටහීමක් ඇති අයට එය ඝාතනය ලක්වූවන්ගේ මිනීවලට ද සරදම් කිරීමක් ලෙස පෙනී යනු ඇත. මෙම ඝාතනවල චුදිතයෙකු වූ කපිල ජයසේකරට මාස කීපයක් ඇතුළත උසස්වීමක් දෙන ලද්දේ ඔහුගේ සොහොයුරන් වූ ආරක්‍ෂක ලේකම්වරයා සහ ආරක්‍ෂක ඇමැති වූ ජනාධිපතිවරයාගේ සෘජු අනුමැතිය යටතේ ය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...