ත්‍රීමලේ සිසු ඝාතනයට වසර 19ක් – යුක්තිය තවමත් ප්‍රමාදයි

ත්‍රිකුණාමලය මුහුදු තිරයේදී සිසුන් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට වසර 19ක් ඉකුත්ව තිබේ.

මනෝහරන් රජිකර්, හේමචන්ද්‍රන් යෝගරාජා, ලෝහිතරාජා රෝහන්, තංගතුරෙයි සිවානන්දා සහ ෂන්මුගරාජා ගජේන්ද්‍රන් යන විසිවැනි වියේ පසුවූ පාසල් සිසුන් පස්දෙනා ත්‍රිකුණාමල මුහුදු තීරයේදී වෙඩිතබා ඝාතනය කර තිබුනේ 2006 වසරේ ජනවාරි 02 දිනයි.

මෙම ඝාතන සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට චෝදනා එල්ල විය. නමුත් මෙතෙක් එම ඝාතනයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ඝාතකයන්ට දඬුවම් දීමක් සිදුව නැත.

මේ අතර විකීලීක්ස් කේබල්වලින් හෙළිදරව් වී ඇති කරුණු අනුව, මහාමාර්ග සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ එවකට ඇමෙරිකන් තානාපතිව සිටි රොබර්ට් බ්ලේක් සමග පවසා ඇත්තේ එස්ටීඑෆ් භටයන් ක්‍රියාවට සම්බන්ධ වූ බව තමන් (ආණ්ඩුව) දන්නා නමුත්, ඔවුන්ට නඩු පැවරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති කම නිසා බවයි. ‘තුවක්කු සහ උණ්ඩ පිළිබඳ සාක්‍ෂිවලින් එය ඔප්පු කළ නොහැකියි. සමහරවිට මිනිසුන් ඝාතනයේදී ඔවුන් වෙනස් අවි භාවිතා කරනවා විය හැකි යැ’යි ඔහු ප්‍රකාශ කළ බව විකීලීක්ස් හෙළිකරයි. මෙය සත්‍ය ගරුක ප්‍රකාශයක් ලෙස විස්තර කිරීමට ඇතැමුන් කැමැති වුවද මෙම සමස්ත ඝාතන මාලාවේ ස්වභාවය පිළිබඳ වැටහීමක් ඇති අයට එය ඝාතනය ලක්වූවන්ගේ මිනීවලට ද සරදම් කිරීමක් ලෙස පෙනී යනු ඇත. මෙම ඝාතනවල චුදිතයෙකු වූ කපිල ජයසේකරට මාස කීපයක් ඇතුළත උසස්වීමක් දෙන ලද්දේ ඔහුගේ සොහොයුරන් වූ ආරක්‍ෂක ලේකම්වරයා සහ ආරක්‍ෂක ඇමැති වූ ජනාධිපතිවරයාගේ සෘජු අනුමැතිය යටතේ ය.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...