අපයෝජක ගුරුවරයාට ලබාදුන් ස්ථාන මාරු ලිපිය පෙන්වා ආණ්ඩුව ගොඩයන්න හදයි

බම්බලපිටිය හින්දු කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දරුවෙකු අපයෝජනය ලක්වීම සහ එම දරුවා පසුව සියදිවි නසාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හැසිරීම දිනෙන් දින ප්‍රශ්නකාරී වෙමින් පවතියි. ඊයේ ළමා කටයුතු ඇමතිවරිය පැවසුවේ අදාළ දරුවාගේ දෙමව්පියන්ට තමන් හමුවීමට පැමිණෙන ලෙස පැවසුවත් ඔවුන් තවමත් තමන් හමුවීමට නොපැමිණි බවයි. එසේම එම දරුවා මානසික පීඩනයට ගොදුරුව සිටි බව පැවසීම සම්බන්ධයෙන්ද බොහෝ දෙනෙකුගේ විරෝධය මතුව තිබුණි.

අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධ පැවති ප්‍රශ්න කිරීමේදී අගමැතිවරිය පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ ගුරුවරයාට ස්ථාන මාරුවක් ලබාදුන්නේ ඊයේ පැවති උද්ඝෝෂණය නිසා නොවන බවයි. එය ඊට පෙර ලබාදී තිබූ බව අගමැතිවරිය පවසයි. නමුත් දෙමව්පියන් පවසන පරිදි අදාළ ස්ථාන මාරුව ලබාදුන් ලිපිය නිකුත් කර ඇත්තේ පසුගිය 07වනදායි. එනම් උද්ඝෝෂණය පැවති ඊයේ දිනට පෙර දිනයි. ඊට පෙරදින උද්ඝෝෂණය සංවිධානය කළ දෙමව්පියන් පොලීසියට දන්වා ඇත්තේ තමන් හෙට දිනයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බවයි. ඒ අනුව දෙමව්පියන් සැක පහළ කරන්නේ උද්ඝෝෂණය ගැන දැනගැනීමෙන් පසු මෙම ලිපිය නිකුත් කරන්නට ඇති බවයි.

අදාළ දැරියට මෙම අපරාධය සිදුව ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි. නමුත් මේ මස 07වනදා දක්වා අධ්‍යාපන අමාත්‍යංශය කිසිදු පියවරක් ගෙන නොතිබුණි. එසේ තිබියදී 07වනදා හදිසියේ මෙම ලිපිය නිකුත් කිරීම සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඇති වේ.

එය එසේ නම් ආණ්ඩුවේ අගමැතිවරිය සිදුකරන්නේ ලජ්ජා නැති වැඩකි.

අපයෝජක ගුරුවරයාට ස්ථාන මාරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යංශය ලබාදුන් ලිපිය පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...