රටේ ධනය කොල්ල කාපු සමාගම් 41 ක් ආණ්ඩුව හුරතල් කරමින් ඉන්නවා

Date:

මේ වන විට මහා භාණ්ඩාගාරය විශාල මුදල් හිඟයකින් පෙළෙන බව ආණ්ඩුව පවසනවා. මුදල් නොමැතිකමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාස කීපය තුළ විවිධ භාණ්ඩ ලංකාවට ගෙන ඒම සීමා කරන්න ආණ්ඩුව යම් යම් ක්‍රියාමාර්ග ගත් අතර දින 50ට තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දමන බව පවසා පිටරටින් පිරිපහදු කළ තෙල් ගෙන්වන්නට කටයුතු කළා. ජනතාවගෙන් එල්ලවූ විරෝධය හමුවේ නැවතත් තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සිදුවී තිබෙනවා.

මෙම මුදල් හිඟ නිසා බරපතළ විදිහට අපහසුතාවයන් වලට ලක්වී තිබෙන්නේ රටේ ජනතාවයි . දෙසැම්බර් 7 වනදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ම්කරු අරගල මධ්‍යස්ථානයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව පවසා සිටියේ රට විශාල මුදල් හිඟයක ට මුහුණ දෙන අවස්ථාවේදී පවා සමාගම් 41 ක් බදු නොගෙවා මගහැර සිටින බවයි. මෙසේ බදු මුදල් වංචා කර ඇති සමාගම් අතර රටේ ප්‍රධාන පෙළ රක්ෂණ ආයතන සහ බැංකු ඇති බවත් එම බදු මුදල් අයකර ගැනීමට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන මූල්‍ය ආයතන වලට යෙහෙන් වැජඹෙන්නට ඉඩ සලසා ඇති බවට චෝදනා කරනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව පවසන්නේ විගණන වාර්තාවට අනුව වසර හයකට වැඩි කාලයක් මෙම සමාගම් 41 සහ එක් බැංකුවක් බදු ගෙවීම මග හැරෙමින් සිටින බවයි. මෙම සමාගම් සියලු ආණ්ඩුවලින් වරදාන වරප්‍රසාද ලබාගෙන ජනතා මුදල් මංකොල්ල කමින් සිටින බව ඔහු චෝදනා කරනවා.

රජයේ විවිධ බදු නීති පැනය වුවත් මොවුන් ඒ එකකටවත් යටත් නොවන බවත් මේ නොගෙවූ බදු මුදල් අය කර ගැනීමට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් මෙහිදී දුමින්ද නාගමුව පවසා සිටියා. වර්තමාන ආර්ථික අර්බුදය එක කෙළවරක් මෙම බදු වංචාවන් වල තිබෙන බවද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...