වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුවට කලින් ප්‍රධාන චූදිතයෙකුට උසස් වීමක්

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ තීන්දුව අද දින ලබාදීමට තිබියදී එම නඩුවේ ප්‍රධාන චූදිතයෙකු වූ පොලිස් පරීක්ෂක එම්. රංගජීව නෙවමාල්ට උසස්වීමක් ලබා දී තිබේ.

2020 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් පරීක්ෂක⁣ රංගජීව ප්‍රධාන පොලිස් පරීක්ෂක⁣ තනතුරට උසස් කර පොලිස්පතිවරයා විසින් ඊයේ (05) නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ.

රංගජීව චූදිතයකු වන වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කිරීමේ මහාධිකරණ නඩු තීන්දුව අද (06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් තීන්දුවේ මුද්‍රණ දෝෂ සකස් කිරීමට කාලය අවශ්‍ය බව සඳහන් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දුව ලබාදීම 12 වැනිදා තෙක් කල් තැබීමට විනිසුරුවරුන් නියෝග කළා.

මෙම නඩුවේදී වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම්කාරී තත්වය තුළ එහි රැඳවියන් පිරිසක් ඝාතනය කළ බවට චෝදනා ලබැ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවශයෙන් කටයුතු කළ එමිල් රන්ජන්ට එරෙහි චෝදනා විභාගයට ගැනේ.

Share post:

Popular

වෙනත් පුවත්

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...