‘බොරු කියන්න පුළුවන් ශ්‍රී ලංකා’

වතු කම්කරු ජනතාවට 1700ක වැටුප් වැඩිකිරීමක් ලබාදීමට තමන් පොරොන්දු නොවූ බව රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. ඊයේ මාධ්‍ය ප්‍රධා­නීන් සමඟ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

ඔහු පැවසුවේ තමන් 1700ක් ලබාදෙන බව පොරොන්දු නොවූ බවයි. කම්කරු දෙපාර්තමේන්තුවේ මණ්ඩලයක් විසින් එම මුදල් වෙන් කළ බවත් එයට එරෙහිව සමහර සමාගම් උසාවි ගිය බවත් ඔහු මෙහිදී පැවසීය.

ඔහු මෙළෙස ගල් පැලෙන බොරු පවසන්නේ මාධ්‍ය ප්‍රධානින් ද ඉදිරියේ තබාගෙන වීම විශේෂත්වයකි. පසුගිය මැයි 01 වනදා පැවති ලංකා කම්කරු කොංග්‍රස් මැයි රැළියට සහභාගී වෙමින් රනිල් වතු කම්කරුවන්ට 1700ක් ලබාදෙන බව පොරොන්දු විය. පසුව ඒ සඳහා ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරිණි.
නමුත් වතු සමාගම් එයට එරෙහිව අධිකරණයට ගිය පසු ආණ්ඩුව විසින් අදාළ ගැසට් නිවේදනය අකුලා ගන්නා ලදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපතිවරණ මෙහෙයුමට අදාළ තේමා පාඨය ඊයේ (07) එළිදක්වනු ලැබිය. එම තේමා පාඨය වන්නේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ යන්නයි.

නමුත් ඇතැම් පිරිස් පවසන්නේ එය බොරු කියන්න පුළුවන් ශ්‍රී ලංකා ලෙස වෙනස් විය යුතු බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...