‘බොරු කියන්න පුළුවන් ශ්‍රී ලංකා’

වතු කම්කරු ජනතාවට 1700ක වැටුප් වැඩිකිරීමක් ලබාදීමට තමන් පොරොන්දු නොවූ බව රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. ඊයේ මාධ්‍ය ප්‍රධා­නීන් සමඟ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

ඔහු පැවසුවේ තමන් 1700ක් ලබාදෙන බව පොරොන්දු නොවූ බවයි. කම්කරු දෙපාර්තමේන්තුවේ මණ්ඩලයක් විසින් එම මුදල් වෙන් කළ බවත් එයට එරෙහිව සමහර සමාගම් උසාවි ගිය බවත් ඔහු මෙහිදී පැවසීය.

ඔහු මෙළෙස ගල් පැලෙන බොරු පවසන්නේ මාධ්‍ය ප්‍රධානින් ද ඉදිරියේ තබාගෙන වීම විශේෂත්වයකි. පසුගිය මැයි 01 වනදා පැවති ලංකා කම්කරු කොංග්‍රස් මැයි රැළියට සහභාගී වෙමින් රනිල් වතු කම්කරුවන්ට 1700ක් ලබාදෙන බව පොරොන්දු විය. පසුව ඒ සඳහා ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරිණි.
නමුත් වතු සමාගම් එයට එරෙහිව අධිකරණයට ගිය පසු ආණ්ඩුව විසින් අදාළ ගැසට් නිවේදනය අකුලා ගන්නා ලදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපතිවරණ මෙහෙයුමට අදාළ තේමා පාඨය ඊයේ (07) එළිදක්වනු ලැබිය. එම තේමා පාඨය වන්නේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ යන්නයි.

නමුත් ඇතැම් පිරිස් පවසන්නේ එය බොරු කියන්න පුළුවන් ශ්‍රී ලංකා ලෙස වෙනස් විය යුතු බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...