ලංකාවේ පොලීසිය දරුවන්ව සහ කාන්තාවන්ට ආරක්ෂා කරන හැටි

Date:

මේ දිනවල පොලීසිය බාර ඇමති ටිරාන් අලස් හා වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු පොලීසිය යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ගමින් ගමට යමින් කියා සිටින්නේ තමන් මත්ද්‍රවය දුරලීම, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත ගෙන ඒම වැනි සියලු දේවල් කරන්නේ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවයි. පසුගියදා කාන්තාවන්ට පොදු ප්‍රවාහනයේදී සිදුවන ලිංගික අතවර නතර කිරීමට බව පවසා කාමර සවි කරගත් පොලිස් නිලධාරීන් දිවයින පුරා අනුයුක්ත කර තිබුණි.

නමුත් ඇත්තටම කාන්තාවන්ට සහ දරුවන්ට ආරක්ෂා වීමට සිදුව ඇත්තේ පොලීසියෙන් බව නිතර දක්නට ලැබෙන සිදුවීම්වලින් පෙනේ.

පහත දැක්වෙන්නේ ඒ සඳහා උදාහරණ කිහිපයකි.

ඊයේ දිනයේදී කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා විය.
පොලිස් කොමිසමේ තීරණයකට අනුව එලෙස වැඩ තහනම් කර ඇත්තේ කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාගේයි.

ඊට අමතරව අවිවාහක කාන්තාවකට ලිංගික අතවර කළ පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 07ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කර ඇති බව ඊයේ වාර්තා විය.

එම වින්දිත කාන්තාවට රුපියල් 500,000ක වන්දියක් ගෙවන ලෙසත්, රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙසත් එම වරදකරුට නුවරඑළිය මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

මෙසේ බරපතළ වැඩ සහිතව සිරදඩුවම් සහ දඩ මුදල් ගෙවන ලෙසට නියම කරනු ලැබුවේ නුවරඑළිය පොලිස් කොට්ඨාශයට අයත් හයිෆොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කළ ලක්ෂ්මන් සාලිය බණ්ඩාර විරසිංහ නැමති අයෙකුට එරෙහිවය.

ඊට අමතරව පසුගිය කාලයේ කොළඹ නිවසක ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටි රාජ්කුමාරි වැලිකඩ පොලීසිය කළ පහරදීමෙන් ඝාතනයට ලක්විය. මෙවැනි සිදුවීම්

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...