සෝමාවතියේ කොටසක් සහල් ව්‍යාපාරිකයෙකුට බඩ ඉරිඟු වගාවක් සඳහා ලබාදීම ගැන වනජීවීය සහ මහවැලි අධිකාරිය මත දෙකක

පොළොන්නරුවේ ප්‍රකට සහල් ව්‍යාපාරිකයෙකුට බඩ ඉරිඟු වගාවක් සඳහා ලබා දී ඇති සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත් භූමියක අක්කර 100 ක් පමණ මේ වන විට ඩෝසර් දමා හෙළි කර ඇතැයි පොළොන්නරුව කලාප බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ කීර්ති චන්‍ද්‍රරත්න ප්‍රකාශ කර තිබේ.

මාදුරුඔය සහ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානවල වෙසෙන වන අලි සෝමාවතිය ජාතික වනෝද්‍යානයට ගමන් ගනු ලබන්නේ මෙම අලි මංකඩ ඔස්සේ යැයිද සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය. එහෙත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට එම භූමිය එවැන්නක් සඳහා ලබාදීමට කිසිදු බලයක් නොමැති බවද ඔහු පවසා ඇත. මේ වන විට එම සහල් මෝල් හිමියා විසින් බුල් ඩෝසර් ආදී යන්ත්‍ර සූත්‍ර යොදාගෙන දැවමය වටිනාකම් ඇති විශාල ප්‍රමාණයේ ගස් ඇතුළු ශාක වර්ග රාශියකට හානි කර තිබෙන බව සිදු කළ විමර්ශන වලදී හෙළිවී තිබේ.

මෙම වන විනාශය සහ පරිසර විනාශය නිසා අලි ඇතුන් ප්‍රමුඛ වනජීවින්ගේ චර්යාවන්ට විශාල වශයෙන් බාධා එල්ලවී තිබෙන බවද පැවසේ. එම නිසා ඒ නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් වහාම නැවැත්වීමට පියවර ගත් බවත් අදාල පාර්ශවකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොළොන්නරුව කලාප බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂකවරයා පවසා ඇත.

ලංකාදීප පුවත්පත මේ සම්බන්‍ධයෙන් මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු සුගත් වීරසිංහගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ ‘ මෙම භූමිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු බවත් එම නිසා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාගේද අනුමැතිය ඇතිව මෙයට මාසයකට පමණ පෙර මෙම ව්‍යාපාරිකයාට බඩ ඉරිඟු වගාවක් සඳහා නියමිත බදු මුදල් අයකරගෙන එම භූමිය ලබාදී ඇති බවයි.

එහෙත් එම ව්‍යාපාරිකයා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අවසරයකින් තොරව නීති විරෝධී ලෙස එම භූමියට දහයියා සහ දහයියා අළු මුදාහැර තිබෙන බවත් සතියක් ඇතුළත එම දහයියා ඉවත්කර ගන්නා ලෙස ඔහුට දැනුම්දී තිබෙන බවද නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...