පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය මුදල පසුගිය වසර හා සමානයි

නිල දරිද්‍රතා රේඛා සටහනෙහි පෙබරවාරි මාසය සඳහා වන දත්ත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙන අතර ඒ හරහා පැහැදිලිවන්නේ ජනතාව මත පැටවී ඇති ජීවන වියදම වෙනස්කමකට ලක්ව නොමැති බවයි.

2025 පෙබරවාරි මාසය වෙනුවෙන් නිකුත් කර ඇති මෙම නවතම සටහන අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක​ට අවශ්‍ය කෙරෙන අවම මුදල රු. 16,318 ක් ලෙස සඳහන් වේ. ඒ අනුව 4 දෙනෙකුගෙන් යුතු පවුලක් සඳහා මාසයක් වෙනුවෙන් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය අවම මුදල රු. 65,272 ක් ලෙසින් ගණනය කළ හැකිය.

දිස්ත්‍රික්ක වශයෙන් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් දැරිය යුතු වැඩිම මුදල කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම මුදල රු. 17,599 කි.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එහි අඩුම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය රු. 15,603 ක් ලෙසයි.

2025 පෙබරවාරි මාසයේදී වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (NCPI) අගය පෙර මාසයට සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම මෙලෙස නිල දරිද්‍රතා රේඛාව පහළ යාමට හේතු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්, 2024 දෙසැම්බර් මාසය සඳහා පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක​ට අවශ්‍ය කෙරෙන අවම මුදල ලෙස සඳහන් කරන ලද්දේ රු. 16,017කි.

ඊට පෙර මාසයේ එනම් 2024 නොවැම්බර් මාසයේ දී මෙම අගය රු. 16,017 ක් ලෙසින් වාර්තා වී තිබුණි. 2024 ඔක්තෝම්බර් මාසයේ එම අගය රු. 15,994 ක් විය.

මේ අනුව පැහැදිලි වන්නේ පුද්ගලයෙකුට ජීවත්වීම සඳහා අවශ්‍ය කෙරෙන මුදලේ ප්‍රමාණය පසුගිය වසරේ සිට ළඟ ළඟ අගයන්වල පවතින බවයි. මෙහි සඳහන් වන්නේ මූලික අවශ්‍යතා සඳහා අවශ්‍ය ප්‍රමාණය පමණි. එසේම ඇත්ත වියදම මීට වඩා බොහෝ වැඩිවිය යුතුය. එසේම එක් පුද්ගලයෙකු සඳහා යන වියදම පවුලක් ලෙස ගණන් හැදීමේදී එන මුළු මුදල ගෙන බැලීමේදී එවැනි ආදායමක් ලැබෙන පිරිස ඉතා අඩු බව පැහැදිලිවේ.

මෙම වියදම් වැඩිවීමට හේතුවී ඇත්තේ සැළකිය යුතු ප්‍රමාණයකින් භාණ්ඩ හා සේවා මිල පහළ යාමක් සිදු නොවීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...