මුලාවෙන් ඇරඹුනු ‘සැබෑව’

රනිල්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල තේමාව වී ඇත්තේ “සැබෑව” යන්නයි. නමුත් රනිල් අද මැතිවරණ වේදිකාවේ කරන ලද ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ වෙනදා සිදුවූ පරිදිම එය සැබෑවක් නොව ජනතාව මුලා කිරීමක් බවයි.

ජනතා සහන දීමේ විප්ලවයක් අප ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. එසේම රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ අස්වැසුම ප්‍රතිලාභීන්ට සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබා දෙන බවයි.

රනිල්ගේ පසුගිය මැතිවරණ පොරොන්දු ඉතිහාසය මෙවැනි පොරොන්දු රැසකින් පිරී තිබේ. ඒ කාලයේ චුයින්ගම් දෙන්නම්, බ්‍රේස්ලට් දෙන්නම්, කියූ රනිල් දැන් හාල් දෙන බව කියයි. එසේම තවත් සහන දෙන වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ඔහු පවසයි. ඉදිරියේදී මේ ආකාරයේ පොරොන්දු තව තවත් ලබාදෙනුඇත. නමුත් ජනතාවට මතක ඇති පරිදි ඉතිහාසයේ එම ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු නොවුනි.

මෙවැනි සහනාධාර ලබාදීමෙන් පමණක් ජනතාවගේ ජීවිත යහපත් නොවන බව වෙනම කාරණයකි. පොරොන්දු වූ සහන්ධාරයක් වත් නොදුන් රනිල් පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ ඉටු නොකළ බව අමුතුවෙන් පැවසිය යුතු නැත. ඒ සඳහා වැඩි ඈතක යායුතු නැත. රනිල් අගමැති ධූරය දැරූ යහපාලන ආණ්ඩුව ගැන නැවත මතක් කරගැනීම ප්‍රමාණවත් වේ. රනිල්ලා ඒ මොහොතේ ලබාදෙන ලබා ප්‍රධාන පොරොන්දුවක් වූවේ නැතිවූ ප්‍රජාත්නත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම සඳහා රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට නීතිය ක්‍රියාත්මක කරන බවයි. යුධ අපරාධ ගැන සොයා බල බවයි. වංචා සිඩුකළ රාජපක්ෂලාට දඬුවම් දෙන බවයි. නමුත් සිදුවූ බම්බුවක් නැත.

නැවතත් රනිල් උත්සාහ කරන්නේ ආර්ථික බරින් පීඩාවට පත්ව සිටින ජනතාවගේ අසරණකම පාවිච්චි කරමින් බලයට පත්වීමටයි. ජනතාව ලෙස එයට එරෙහි වීමට වග බලා ගත යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...