අරගලකරුවන් තුන්දෙනෙකුට විදේශයකින් සල්ලි ලැබුණු කතාව බොරුවක්

ගාලුමුවදොර ක්‍රියාකාරී අරගලකරුවන් තිදෙනකුට විදේශයකින් රුපියල් කෝටි හතරහාමාරක මුදලක් ඉකුත් සතියේ ලැබී ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම තොරතුර ව්‍යාජ තොරතුරක් බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට ඊයේ (18) දැනුම්දී තිබෙනවා.

අරගල භූමියේ සිටින ක්‍රියාකාරිකයන් තිදෙනෙකු වන රැට්ටා, ඩිලාන් සහ කෝනාර යන තිදෙනාට කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාජ්‍ය බැංකුවක අලුතින් ආරම්භ කළ ගිණුමකට රුපියල් කෝටි එකහාමාර බැගින් වූ මුදලක් ලැබී ඇති බව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වූ තොරතුරක් ආරක්ෂක බලධාරීන් විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ විශේෂ අවධානයට යොමු කර තිබුණා.

ඒ අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නේ ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා එම තොරතුර නිවැරදි නම් විමර්ශනයක් පවත්වන ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ අනුව එම සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වූ යුනියන් පෙදෙසේ පිහිටි රාජ්‍ය බැංකුවට ගොස් කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ එම නම කියැවුණු අරගලකරුවන් එම බැංකුවේ ගිණුමක් හෝ විවෘත කර නොමැති බවයි.

ඒ අනුව එවැනි සිදුවීමක් සිදුව නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබෙනවා.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමක් කර ඇතත් එහිදීද පෙනී ගොස් ඇත්තේ මෙම නම් සඳහන් පුද්ගලයින් තිදෙනා වෙනත් බැංකුවක ඔවුන්ට අයත් ගිණුමකටවත් මෙතරම් විශාල මුදලක් පිටරටකින් හෝ මෙරටින් හෝ තැන්පත් වී නොමැති බවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ඊයේ (18) පොලිස්පතිවරයාව දැනුවත්කර තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...