අරගලකරුවන් තුන්දෙනෙකුට විදේශයකින් සල්ලි ලැබුණු කතාව බොරුවක්

ගාලුමුවදොර ක්‍රියාකාරී අරගලකරුවන් තිදෙනකුට විදේශයකින් රුපියල් කෝටි හතරහාමාරක මුදලක් ඉකුත් සතියේ ලැබී ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම තොරතුර ව්‍යාජ තොරතුරක් බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට ඊයේ (18) දැනුම්දී තිබෙනවා.

අරගල භූමියේ සිටින ක්‍රියාකාරිකයන් තිදෙනෙකු වන රැට්ටා, ඩිලාන් සහ කෝනාර යන තිදෙනාට කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාජ්‍ය බැංකුවක අලුතින් ආරම්භ කළ ගිණුමකට රුපියල් කෝටි එකහාමාර බැගින් වූ මුදලක් ලැබී ඇති බව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වූ තොරතුරක් ආරක්ෂක බලධාරීන් විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ විශේෂ අවධානයට යොමු කර තිබුණා.

ඒ අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නේ ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා එම තොරතුර නිවැරදි නම් විමර්ශනයක් පවත්වන ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ අනුව එම සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වූ යුනියන් පෙදෙසේ පිහිටි රාජ්‍ය බැංකුවට ගොස් කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ එම නම කියැවුණු අරගලකරුවන් එම බැංකුවේ ගිණුමක් හෝ විවෘත කර නොමැති බවයි.

ඒ අනුව එවැනි සිදුවීමක් සිදුව නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබෙනවා.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමක් කර ඇතත් එහිදීද පෙනී ගොස් ඇත්තේ මෙම නම් සඳහන් පුද්ගලයින් තිදෙනා වෙනත් බැංකුවක ඔවුන්ට අයත් ගිණුමකටවත් මෙතරම් විශාල මුදලක් පිටරටකින් හෝ මෙරටින් හෝ තැන්පත් වී නොමැති බවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ඊයේ (18) පොලිස්පතිවරයාව දැනුවත්කර තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...