මිල අධිකම අන්තර්ජාල සේවාව මෙරටට ලබාදීම ගැන රනිල්ගෙන් ඊලොන් මස්ක්ට ස්තූතිය

‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක්ට සිය කෘතඥතාව පළ කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, නුදුරු දිනකදීම තමන් ඊලොන් මස්ක් හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින බවයි.

එම හමුවේදී මෙරට ඩිජිටල් ක්ෂේත්‍රය සඳහා ඇති තවත් අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වේ.

රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසරේ ඉන්දුනීසියාවේ බාලි හිදී පැවති 10වන ‘ලෝක ජල සමුළුවට’ සහභාගි වූ අවස්ථාවේදී ඊලොන් මස්ක් හමුවි තිබුණි.

එය ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලැබීමේ ක්‍රියාවලියේ ආරම්භයයි.

ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ ‘X’ ගිණුමෙහි සටහනත් තබමින් පවසා සිටියේ, ‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවය.

මෙම ‘Starlink’ සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා ‘විදුලි සංදේශ සේවා සැපයුම්කරු’ බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉකුත් 2024 වසරේ දී කටයුතු කර තිබුණි.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිප ගුණයකින් මෙම ‘Starlink’අන්තර්ජාල සේවාව වේගවත් වේ. නමුත් මෙය ඉතා මිල අධික සේවාවක් ලෙස සැලකේ. ඒ අනුව මෙම සේවාව අපේ රටට ගැලපෙනවාද යන්න ගැන කිසිදු තක්සේරුවකින් තොරව මෙම සේවාව ක්‍රියාත්මක වෙනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...