අර්බුදය නිසා දරුවන් රැසක් අධ්‍යාපනය නතර කර තිබියදී අධ්‍යාපන නවීකරණය ගැන බොරු පොරොන්දු

රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත් එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ඊයේ (14) පෙරවරුවේ පැවති පිරිවෙන් හා පාසල් සිසු සිසුවියන්ට නොමිලේ පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමිනි.

ඒත් සමඟම තවත් පුවතකින් පැවසෙන්නේ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්තවලට අනුව ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 3ක් අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් නතර කර ඇති බවයි.

ඔවුන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ ආර්ථික අර්බුදය පාසල් දරුවන්ගෙන් සියයට 54. 9කට බලපෑම් එල්ල කර ඇති බවයි.

මින් අඩකටත් වඩා වැඩි පිරිසක් එනම් සියයට 53. 2 ක් අලු‍තින් පාසල් උපකරණ මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර සියයට 44ක් අලු‍තින් නිල ඇදුම්වලට වියදම් කිරීම කපා හැර හෝ අඩුකර තිබෙන බව ඔවුන් පවසනවා.

එසේම සියයට 40. 6 ක් අමතර පන්තිවලට සහභාගි වීම නතර කර හෝ අඩු කර ඇති අතර එම දරුවන්ගෙන් සියයට 28. 1 ක් උපකාරක පංතිවලට සහභාගි වීමේ දී මාර්ගගත ක්‍රමය භාවිතයට යොමුව තිබෙන බව එම වාර්තාවේ සඳහන්.

පාසල් උපකරණවලට බලපාන බදු වැඩිකිරීමේදී ආණ්ඩුව පැවසුවේ රජයේ මුද්‍රණාලය හරහා පොත් මුද්‍රණය කර සහන මිලට ලබාදෙන බවයි. නමුත් එවැනි වැඩපිළිවෙලක් තවමත් ක්‍රියාත්මක වී නැත.

ඒ වෙනුවට ජනතාවගේ බදු මුදලින් ලබාදෙන පාසල් පෙළපොත් හා නිල ඇඳුම් දේශපාලන උත්සව කරගනිමින් ඒවායෙහිදී අධ්‍යාපන නවීකරණයන් ගැන පාරම් බාමින් සිටියි.

අධ්‍යාපනය ගැන බොරු පොරොන්දු ලබාදීම වෙනුවට කළ යුතු වැඩ රාශියක් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්තවලින් පැහැදිලි වේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...