කුලි හේවායන් වීම ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක් – ශවේන්ද්‍ර සිල්වා

ශ්‍රී ලාංකීය හමුදාවන් නියෝජනය කළ විශ්‍රාමිකයින් කිහිප දෙනෙක් විවිධ විදේශීය කුලී හේවා කණ්ඩායම් නියෝජනය කිරීම සදහා විදෙස් රාජ්‍යයන්

වෙත යෑම සම්බන්ධව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සිය කනස්සල්ල පළ කර තිබේ.

ඒ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලා සිටින්නේ විවිධ කණ්ඩායම්වල පෙළඹවීම් මත කුලී හේවා කණ්ඩායම් වෙත යොමු කරන වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසටයි.

“කුලී හේවා සටන් සම්මත යුධ උපක්‍රමයක් නොවන අතර එවන් මාර්ගයන් වෙත යොමු වීම අපගේ ගෞරවනීය ශ්‍රී ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක් සිදුකිරීමේ දැඩි අවධානමක් ඇති කරයි.” ඔහු අවධාරණය කරයි.

Youth for Chenge සංවිධානය පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ලංකාවේ රැකියා විරහිත තරුණයන් 600ට ආසන්න පිරිසක් මේ ආකාරයට කුලී හමුදාවලට එක්වී ඇති බවයි. ඔවුන්ව වෙනත් රැකියා ලබාදෙන බව පවසා එම රටවලට රැගෙන ගොස් කුලී හමුදාවල සේවය සඳහා යොදවා ඇති බවද එහිදී හෙළි කෙරුණි. එසේම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ ආර්ථික බර දරාගත නොහැකිව ලංකාවේ හමුදාවේ සේවය කළ පුද්ගලයන් මෙළෙස කුලී හමුදා සඳහා එක්වී ඇති බවයි. විශේෂයෙන් රුසියාව වෙනුවෙන් කුලී හමුදාවලට එක්වූවන්ට එම රටේ පුරවැසිබාවය ලබාදීම සහ විශාල වැටුපක් ලබාදෙන බව පොරොන්දු වී තිබුණි.

එහෙත් දිගින් දිගටම මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් කොටුකර ගැනීමට ආණ්ඩුව අසමත්ව සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...