සමාගම් 10ක් ගොවීන්ට සහනාධාර දෙන්න ගෙනා පොහොරවලින් වංචා කරලා

ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කීපයක් විසින් පොහොර සහනාධාර වශයෙන් ලබාදීම සඳහා ආනයනය කරන ලද යුරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් කෝටි 100 කට අධික මුදලක් වංචා කර ඇතැයි වාර්තා වේ.

2018 වසරේ සිට ගොවීන්ට ලබා දීමට නියමිතව තිබූ සහනාධාර පොහොර ගොවීන් වෙත ලබා නොදී විවිධ වංචනික ක්‍රම මගින් වැඩි මිලට හොරණ, කෑගල්ල හා මාදම්පේ ප්‍රදේශවල පිහිටා තිබෙන ප්‍රධාන පෙළේ කර්මාන්ත අංශයේ සමාගම් වෙත ලබා දී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇති බව පොහොර ලේකම් කාර්යාල අනාවරණය කර ඇත.

යූරියා පොහොර මිටියක් රුපියල් 2500/= ආනයනය කර ගොවීන් වෙත පොහොර සහනාධාරය ලබාදීමේ වැඩසටහන යටතේ රුපියල් 1100/= මිලකට ලබාදිය යුතුව වුවත් එම පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් 3500/= අධික මිලකට කූට ලේඛන සකසා අලෙවි කර රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන අංශය විමර්ශන කරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පොහොර මෙරටට ආනයනය කර ඇත්තේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍ර ලබා ගත් පොහොර සමාගම් 18ක් මගිනි

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...