සමාගම් 10ක් ගොවීන්ට සහනාධාර දෙන්න ගෙනා පොහොරවලින් වංචා කරලා

ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කීපයක් විසින් පොහොර සහනාධාර වශයෙන් ලබාදීම සඳහා ආනයනය කරන ලද යුරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් කෝටි 100 කට අධික මුදලක් වංචා කර ඇතැයි වාර්තා වේ.

2018 වසරේ සිට ගොවීන්ට ලබා දීමට නියමිතව තිබූ සහනාධාර පොහොර ගොවීන් වෙත ලබා නොදී විවිධ වංචනික ක්‍රම මගින් වැඩි මිලට හොරණ, කෑගල්ල හා මාදම්පේ ප්‍රදේශවල පිහිටා තිබෙන ප්‍රධාන පෙළේ කර්මාන්ත අංශයේ සමාගම් වෙත ලබා දී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇති බව පොහොර ලේකම් කාර්යාල අනාවරණය කර ඇත.

යූරියා පොහොර මිටියක් රුපියල් 2500/= ආනයනය කර ගොවීන් වෙත පොහොර සහනාධාරය ලබාදීමේ වැඩසටහන යටතේ රුපියල් 1100/= මිලකට ලබාදිය යුතුව වුවත් එම පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් 3500/= අධික මිලකට කූට ලේඛන සකසා අලෙවි කර රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන අංශය විමර්ශන කරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පොහොර මෙරටට ආනයනය කර ඇත්තේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍ර ලබා ගත් පොහොර සමාගම් 18ක් මගිනි

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...