සභාපතිගේ පුතාලටත් එන්න යන්න පුළුවන් ‘කෝප් කම්ටුව’

අද (16) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙළි කළ සිටියේ, පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ දී කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා ගේ පුත්‍රයා ද ඊට සහභාගි වී ඇති බවයි.

කෝප් කමිටුව තුළ තමා ගේ කට වසා ඇති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළ අතර, එවැනි පසුබිමක රන්ජිත් බණ්ඩාර ගේ පුත්‍රයා කෝප් කමිටුවට සහභාගි වූයේ කෙසේ ද යන්න ප්‍රශ්න කර සිටියේය.

තවද වහාම කෝප් කනමිටු සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් විය යුතු බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියා.

එහිදී, තමා එවැන්නක් නොදන්නා බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවත්, කෝප් කමිටුවට පිටස්තර පුද්ගලයකුට සම්බන්ධ විය නොහැකි බවත් , ඊට පිළිතුරු ලබා දුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසා තිබේ.

කෝප් කමිටු සභාපති වරයාගේ පුත්‍රයා එම කමිටුවට සහභාගී වී සිටි බවට කෙරුණු චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසූයේ පිටස්තර කෙනකුට කෝප් කමිටුවේ වාඩි වෙන්න අයිතියක් නැති බවයි. නමුත් ඒ පුත්‍රයා ඔහුගේ ප්‍රවෘත්ති ලේකම් බව දැනුම් දී ඇතැයි ද කතානායකවරයා සඳහන් කර ඇත.

මේ අතර ප්‍රසන්න රණතුංග පවසා ඇත්තේ පුතා පැමිණ ඇත්තේ ස්ථාවර නියෝග අනුව බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...