ගෑස් හිඟයට හේතුව රාජපක්ෂ – ඇවන්ට්ගාඩ් කුමන්ත්‍රණයක් – පුබුදු ජයගොඩ

ලංකාවේ ගෑස් අර්බුදයට හේතුව ලංකාවට ඩොලර් නැතිකම නොවන බවත්, ගෝඨා, බැසිල් හා ඇවන්ට්ගාඩ් එක්ව සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිපල බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සාක්ෂි ලිපි ඉදිරිපත් කරමින් ඔහු පැවසුවේ එතෙක් වසර තුනකට ලබා දීපු ටෙන්ඩර් එක, ගිවිසුම අත්තනෝමතිකම උල්ලංඝණය කරල , ගෑස් මාෆියාව කඩනව, ගෑස් ඒකාධිකාරය කඩනව කියල ලොකු කතා කියල අන්තිමේදී ඇවන්ට්ගාඩ් එකට ගෑස් සැපයීමේ අයිතිය අරගෙන, ඒක හරහාත් ගසාකන්න හදල, දෙකම අසාර්ථක වෙලා ගෑස් හිඟයක් ආවට පස්සේ SPOT ටෙන්ඩර් එක කෝල් කරල, එතනදි සියාම් ගෑස් එක අඩුමිල ඉදිරිපත් කරල තියෙද්දි ඒකාධිකාරය කියල ඒගොල්ලොම කියපු OQ Trading එකට අන්තිමට ටෙන්ඩර් එක දුන්නා යනුවෙනි. වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මෙසේද පැවසීය.

“මේ ආණ්ඩුව රටේ ඉන්ධන හා ගෑස් හිඟය සම්බන්ධයෙන් කියන්නේ රටේ ඩොලර් නෑ කියලා. නමුත් ඇත්තටම මේ හිඟයට හේතුව වෙන එකක්. දැන් ලංකාවේ පවතින ගෑස් හිඟය මුදල් නැතිවීමට එහා ගිය බරපතල ප්‍රශ්නයක් මෙතන තියෙනවා.

මීට කළින් OQ Trading කියන ඕමාන් සමාගමට 2020 පෙබරවාරි 28 වෙනිදා ඉඳලා 2023 පෙබරවාරි 28 වෙනිදා දක්වා වසර තුනක කාලයක් ලංකාවට අවශ්‍ය ගෑස් සපයන්න ලිට්රෝ සමාගම එක්ක මූලික එකඟතාවයක්, ගිවිසුමක් තිබ්බා. ඒ එකඟතාවයට අනුව ඔවුන් වසර තුනක් ලංකාවට ගෑස් සපයනවා.”

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...