ගුවන්යානා ගුවන් ගත කිරීමට අවශ්‍ය ඉංජිනේරු සහාය නොලැබෙන දින වැඩි ඈතක නෙවෙයි.

සියලු ශ්‍රේෂ්ඨයන් වල බුද්ධිමතුන්  රට හැර යාමේ තර්ජනයට අද ශ්‍රී ලංකාව දැඩිව මුහුණ දෙමින් සිටිනවා.  රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ  බදු  ප්‍රතිපත්තිය මේ සඳහා රුකුල් ලබා දෙමින් තිබෙන බව  අමුතුවෙන් අපි ඔබට පැහැදිලි කළ යුතු නොවේ.   විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරුන් රට හැර යෑම හේතුවෙන් අද සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටීමකට ලක් වී තිබෙන මොහොතක  උසස් අධ්‍යාපනය ද මේ ඉරණමට ලක් වෙමින් තියෙනවා.  විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු  රට හැර යෑම නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩා වැටීමකට ලක් වෙනවා.  මේ වන විට විශ්ව විද්‍යාල අධ්‍යාපනය  විශාල පුරප්පාඩු ඇතිව  ඉතා මාරුවෙන් ඉදිරියට යන්නකි.

රට හැරයන අත්‍යවශ්‍ය සේවා වෘත්තිකයන්ගේ ලයිස්තුවට අලුතෙන්ම එකතු වී සිටින්නේ   ශ්‍රී ලංකන්  ඉංජිනේරු අංශයයි . ශ්‍රී ලන්කන් ඉංජිනේරු අංශයේ සේවයේ නිරත 30 දෙනකු පමණ ඉන් ඉවත් වී  ිදෙස්ගත වී ඇති අතර තවත් 25 කට වැඩි සංඛ්‍යාවක්  විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින බව  දැනගන්නට තිබේ.

පසුගිය දවස් කීපය තුල පකිස්තානයේ ලාහෝර්, ඉන්දියාවේ චෙන්නායි සහ බංග්ලාදේශයේ ඩකා බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානා ප්‍රමාද වීම්වලට ලක් වී තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...