උමතුව ද සත්‍යයද – සංජීවනී රූපසිංහ

නුඹ අහිමි වෙතැයි සිත සිතා
රැයේ තනියම
ඉකිගසා හැඬූ කාල තිබුණා
ඇත්තටම අහිමි වූ දා නුඹ
හඬන්නට මට
බැරිව හිටියා

ඇදුණු තතකින්
නැඟුණු ස්වර සේ
හිත හඬ හඬා
කවි ලිව්වා
ඇත්තටම නුඹ
මිය ගියපු දා
මම නිදහසේ
ගෙදර ආවා

ඒ වුනත් මහ ලොකු
බරක් තිබුණා
තව මහ ලොකු බරක්
බිය තියා තිබුණා

කූඩැල්ලෙකු සේය
බරකින් බරකට
මාරු වී තිබුණා
පාර අමතකව මම
වෙන කොහේදෝ
ගිහින් තිබුණා.

හඬන්නට පවා
අයිතියක් ඇවැසි බව දැනුණා
අයිතියක් නැතිවත් මම නුඹ
අල්ලගෙන සිටියා
අයිතියක් නැති තැන
කදුළු එන්නැති
ජීවවිද්‍යාවක්
මමම තනිවම
නිපදවා තිබුණා

ගෙදර යයි සිතා ගෙන
මම වෙන කොහේදෝ
ගිහින් තිබුණා…!!!
සිහිය තිබුණට සිහිය නැති වග
නොදැන මම සිටියා
අයිතියක් නැති තැන
හඬන්නටවත් බැරිද
මම මගෙන් ඇහුවා….
කෑගසා හඩන්නට
මම තැනක් හෙව්වා….!!!

උමතුව ද සත්‍යයද
ඇත්තම ද බොරුව ද
විශ්වය ද ලෝකය ද
පාට කලවම් චිත්‍රයක් සේ
බොඳ වෙලා පෙනුනා
⁣වේදනා නදියකින්
මම එගොඩ වී ආවා….!!

කෑ ගසා හඬන්නට
මම තැනක් හෙව්වා…..!!!
ලේ ගලන හදවත
පස් යට වළලලා මං ආවා…!!!

 

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...