උමතුව ද සත්‍යයද – සංජීවනී රූපසිංහ

නුඹ අහිමි වෙතැයි සිත සිතා
රැයේ තනියම
ඉකිගසා හැඬූ කාල තිබුණා
ඇත්තටම අහිමි වූ දා නුඹ
හඬන්නට මට
බැරිව හිටියා

ඇදුණු තතකින්
නැඟුණු ස්වර සේ
හිත හඬ හඬා
කවි ලිව්වා
ඇත්තටම නුඹ
මිය ගියපු දා
මම නිදහසේ
ගෙදර ආවා

ඒ වුනත් මහ ලොකු
බරක් තිබුණා
තව මහ ලොකු බරක්
බිය තියා තිබුණා

කූඩැල්ලෙකු සේය
බරකින් බරකට
මාරු වී තිබුණා
පාර අමතකව මම
වෙන කොහේදෝ
ගිහින් තිබුණා.

හඬන්නට පවා
අයිතියක් ඇවැසි බව දැනුණා
අයිතියක් නැතිවත් මම නුඹ
අල්ලගෙන සිටියා
අයිතියක් නැති තැන
කදුළු එන්නැති
ජීවවිද්‍යාවක්
මමම තනිවම
නිපදවා තිබුණා

ගෙදර යයි සිතා ගෙන
මම වෙන කොහේදෝ
ගිහින් තිබුණා…!!!
සිහිය තිබුණට සිහිය නැති වග
නොදැන මම සිටියා
අයිතියක් නැති තැන
හඬන්නටවත් බැරිද
මම මගෙන් ඇහුවා….
කෑගසා හඩන්නට
මම තැනක් හෙව්වා….!!!

උමතුව ද සත්‍යයද
ඇත්තම ද බොරුව ද
විශ්වය ද ලෝකය ද
පාට කලවම් චිත්‍රයක් සේ
බොඳ වෙලා පෙනුනා
⁣වේදනා නදියකින්
මම එගොඩ වී ආවා….!!

කෑ ගසා හඬන්නට
මම තැනක් හෙව්වා…..!!!
ලේ ගලන හදවත
පස් යට වළලලා මං ආවා…!!!

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...