විමල් ගෝඨා හදපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටත් විරුද්ධයිද?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමටත්, අධ්‍යාපන අමාත්‍යවරියට ඉල්ලා අස්වන ලෙසටත් බල කරමින්අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට 12 වෙනි සඳුදා උදෑසන 9.00 සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට ”දරුවන් උදෙසා වැඩිහිටියෝ” සංවිධානය තීරණය කර ඇති බව එම සංවිධානයේ කැඳවුම්කරු, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කරයි.

අද(10) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානය සිදුකිරීමට යන මෙම අඛණ්ඩ සත්‍යග්‍රහයට දරුවන්ට ආදරය කරන සියලුම දෙමව්පියන්ට කිසිදු භේදයකින් තොරව එක්විය හැකි බවයි.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික ජන බලවේගය ආණ්ඩුව හෝ හරිනි ආණ්ඩුව පමණක් සකස් කළ එකක් නොව ගෝඨාභය ආණ්ඩුවේ සහ රනිල් ආණ්ඩුව සකස් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල එකතුවකි. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඝෝඨාභය ආණ්ඩුවේ උපාලි සේදර කමිටුව විව්සින් ඇතුළත් කළ නිර්දේශද ඇතුළත් වේ.

විමල් විරවංශ යනු ගෝඨාභය ආණ්ඩුවේඇමතිවරයෙකි. තම ආණ්ඩුව විසින් ද දායකවී නිර්මාණය කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට විරුද්ධ වීමට විමල් විරවංශට සිදුවී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...