ඩඩ්ලිගේ හෝටලයේ වැට විතරයි නීතිවිරෝධී – ලාල් කාන්තා

පොළොන්නරුවේ පිහිටි ඩඩ්ලි සිරිසේනගේ සුදු අරලිය හෝටලය ඉවත් කිරීමට සිදුවන්නේ පරාක්‍රම සමුද්‍රයේ ඉදිකර ඇති වැටක් පමණක් යැයි අමාත්‍ය ලාල් කාන්ත දැන් පවසයි. ඔහු මේ බව කියා සිටියේ මොනරාගල සියඹලාන්ඩුව ප්‍රදේශයේ වාරිමහිම වැඩසටහනකට සහභාගී වෙමිනි.

වැව් රක්ෂිත වල ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් තරාතිරම නොබලා කඩා ඉවත් කරන බවට අමාත්‍ය ලාල් කාන්ත මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ ඩඩ්ලි සිරිසේන මෙරට සහල් කර්මාන්තයට කර ඇති සුවිශේෂී මෙහෙවර එහිදී සිහිපත් කළ අමාත්‍යවරයා පොළොන්නරුවේ සුදු අරලිය හෝටලය අනවසර ඉදිකිරීමක් බවත් එවැනි ඉදිකිරීම් කඩා ඉවත් කරන බවත් පැවසිය.

නමුත් ඇමතිවරයා දැන් පවසන්නේ අරලිය හෝටලය අනවසර ඉදිකිරීමක් ලෙස පවතින්නේ වැටක් පමණක් බවයි. ඩඩ්ලි සිරිසේන හෝටලය ගෙන ඇත්තේ සංචාරක මණ්ඩලයෙන් බවත් ලාල් කාන්තා පවසයි.

ලාල් කාන්තා මන්ත්‍රීවරයා මිට පෙර පැවසුවේ මෙවැනි ආකාරයට වැව් තාවුල්ල අනවසරයෙන් අත්පත් කරගෙන ඇති පිරිස් වෙත රජයට වන්දි ගෙවීමට සිදුවන බවයි.

නමුත් ඇමතිවරයා දැන් පවසන්නේ ජාතික කන බලවේගයේ පිරිසක් ද වැව් තාවුල්ලේ කොටස් අයිතිකරගෙන සිටින බවත් ඔවුන්ට ස්වේච්ඡාවෙන් ඉවත්වෙන ලෙස දැනුම් දුන් බවයි. එසේම ඩඩ්ලිටද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා වාරිමාර්ගයට අයිති කොටසක් තිබේ නම් අයින් කරන්නා බවට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පැවසිය හැකි බවයි.

මේ ආණ්ඩුව ඩඩ්ලි සිරිසේන සම්බන්ධයෙන් මේ දක්වන හීලෑ බව සම්බන්ධයෙන් පුදුම වෙන්නට දෙයක් නැත. හාල් ප්‍රශ්නය උද්ගතවූ මොහොතේද ආණ්ඩුව කටයුතු කරන ලද්දේ මේ ආකාරයටයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...