Day: May 21, 2026

  • ගල් අඟුරු සිද්ධිය හොරකමකට ලඝු කිරීමේ නාට්‍යයට අපි නෑ – පුබුදු ජයගොඩ

    ගල් අඟුරු සිද්ධිය හොරකමකට ලඝු කිරීමේ නාට්‍යයට අපි නෑ – පුබුදු ජයගොඩ

    ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ගෙන්වීම හේතුවෙන් සිදුව ඇති අලාභය විදුලි ගාස්තු හරහා හෝ බදු මුදල් හරහා හෝ ජනතාවගෙන් අය කිරීම වළක්වන ලෙසට නියෝගයක් ඉල්ලා අද, මැයි 21දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය අභියාචනාධිකරණයේ නඩුවක් පවරන ලදී. එහිදී අදහස් දැක්වූ පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා මෙලෙස පැවසීය.

    “ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ආනයනය නිසා විදුලි උත්පාදනය අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු වීමත්, එම අඩුව මිල අධික ඩීසල් ඉන්ධන හරහා පියවා ගැනීමට සිදුවීමත් නිසා විශාල අලාභයක් සිදුවුණා. බාල ගල් අඟුරු නිසා බොයිලේරු වලට වන හානියේ මූල්‍ය අලාභයත්, පරිසර හානියේ යථාවත් පිරිවැයත් නොමැතිව ඉන්ධන වලින් සිදුවන අලාභය පමණක් රුපියල් බිලියන 20 ඉක්මවා යාමට ඉඩ තිබෙනවා. ප්‍රශ්නය මෙම අලාභය දැනටමත් ජීවන වියදමෙන් මිරිකී පීඩාවට පත්ව සිටින ජනතාව මත පැටවීමට ආණ්ඩුව උත්සාහ ගන්න එක. මේ අලාභය විදුලි ගාස්තුවට එකතු කරන්න දෙන්නේ නෑ කියලා මහජන උපයෝගිතා කොමිසම තීරණයක් ගත්තා. නමුත් බොරු ඉලක්කම් සෙල්ලම් හරහා විදුලි බිලෙනුත්, මහජනයාගේ බදු මුදලිනුත් මේ පාඩුව පියවන්න හදනවා. ඒකට ඉඩ දෙන්න බෑ. මේ අලාභය බාල ගල් අඟුරු ගෙනා සමාගමෙන්, මේ මගඩියට ඉඩ සැලසූ දේශපාලන බලධාරීන්ගෙන් හා වගකිවයුතු නිලධාරීන්ගෙන් අය කරගත යුතුයි. කන්නත් නැතිව ඉන්න ජනතාවගේ කර මත මේ පාඩුව පටවන්න දෙන්න බෑ. අපි අද අභියාචනාධිකරණය ඉදිරියේ ඉල්ලා සිටින්නේ ජනතාවගෙන් පාඩුව අය කිරීමට එරෙහි තහනම් නියෝගයක්, අලාභය වගකිවයුත්තන්ගෙන් අය කර ගැනීමේ මැන්ඩාමුස් ආඥාවක්, මේ නඩුව අවසන් වනතුරු විදුලි ගාස්තු වැඩි නොකරන ලෙස අතුරු නියෝගයක් සහ විදුලි ගාස්තු වැඩි කිරීමේ ගැසට් නිවේදනය අවළංගු කිරීමේ රීට් ආඥාවක්.

    ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ගැන කිසිම වෙනත් අදහසක් නැති, මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළේම ඉන්න පාර්ලිමේන්තු විපක්ෂය මේ සමස්ත ප්‍රශ්නය හොරකමට ලඝු කළා. ආණ්ඩුවත් ඒකේ එල්ලිලා 2009 සිට හොරකම් හොයනවා කියලා නාට්‍යයක් රඟපානවා. ඒ නාට්‍යය දෙස බලාසිටියදී ජනතාවගෙන් පික්පොකට් ගහනවා. මේ අලාභය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය පෙබරවාරි මාසයේත්, මහජන උපයෝගිතා කොමිසම මාර්තු මාසයේත්, ජාතික විගණන කොමිසම අප්‍රේල් මාසයේත් වාර්තා නිකුත් කළා. ඒ කිසිවක් ගැන විමර්ශන නොකැඳවා කොමිසමක් පත් කිරීම සැක සහිතයි. ඒ වගේම මැයි පළමුවැනිදා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොමිසමේ වාර්තාව ගැන කොමිසමට අපහාස කරමින් කළ ප්‍රකාශය තවදුරටත් ඒ සැකය තීව්‍ර කරනවා. ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කලා මේ නාට්‍යයේ හවුල්කාර නළුවන් බවට පත්නොවී ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න.”

  • වින්දිත දැරිය ගැන කැත ප්‍රකාශයක් කළ දිලුම් අමුණුගම ඇඟ බේරගන්න හදයි

    වින්දිත දැරිය ගැන කැත ප්‍රකාශයක් කළ දිලුම් අමුණුගම ඇඟ බේරගන්න හදයි

    ඊයේ දිනයේ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම විසින් අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන්ට අපයෝජනය චෝදනා එල්ල වී ඇති සිදුවීමට අදාළ වින්දිත දැරිය පිළිබඳ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විශාල විරෝධයක් එල්ල වීමත් සමඟ දිලුම් අමුණුගම ඇඟ බේරා ගැනීමේ උත්සාහයක නිරතවෙමින් සිටියි.

    ඔහු අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ‘මාධ්‍යවේදියෙක් අහපු එකට මට ලැබුණු ආරංචිය තමයි මම සඳහන් කළේ. ඒක සමාජ මාධ්‍ය විසින් විකෘති කරලා, ඒ දරුවාට ගණිකාවක් කිව්වා කියලා තමයි සමාජ මාධ්‍යයේ දිගින් දිගටම ගහන්නෙ.”

    අද පාර්ශව කිහිපයක් විසින් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා වගකිව යුතු ආයතන වෙත පැමිණිලි කර තිබුණි.

    අද දිනයේදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත පැමිණිල්ලක් යොමුකරමින් ඉල්ලා තිබුනේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

    එසේම අනුරාධපුර සිදුවීම සම්බන්ධයෙන් නිහඬව සිටින බවට චෝදනා එල්ල වූ කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සාවිත්‍රි පෝල්රාජ්ද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇත.

  • ඊශ්‍රායල අත්අඩංගුවට පත්වූ සමීරා ඇතුළු රැඳවියන්ට අමානුෂිකව සලකලා

    ඊශ්‍රායල අත්අඩංගුවට පත්වූ සමීරා ඇතුළු රැඳවියන්ට අමානුෂිකව සලකලා

    ඊශ්‍රායල අමාත්‍ය ඉටමාර් බෙන්-ග්විර් විසින් පළ කරන ලද “Global Sumud Flotilla” රැඳවියන්ට අමානුෂික ලෙස සැලකීම නිරූපණය කරන වීඩියෝ දර්ශන පිළිබඳව ලෝකයේම අවධානය යොමුව තිබේ.

    මේ පිළිබඳ ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලක් පළ කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසීය.

    පසුගියදා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම “Global Sumud Flotilla” සමඟ එක්වූ සමීරා මෝහබ්දින්ද පසුගියදා ඊශ්‍රායල අත්අඩංගුවට පත්විය.

    සමීරාට ක්ෂණික කොන්සියුලර් ප්‍රවේශය ලබා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය සමඟ දැනටමත් කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා තිබේ. ඇයගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ ගෞරවය සහතික කිරීම මෙන්ම ශ්‍රී ලංකාවට කඩිනම් සහ ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ලංකාවේ බලධාරීන් පවසයි.

  • වැඩේ යටින් යනවා කිව්වට රුපියල දුර්වලයිලු

    වැඩේ යටින් යනවා කිව්වට රුපියල දුර්වලයිලු

    ශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බව ‘බ්ලූම්බර්ග් (Bloomberg)’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

    ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික වෙබ් අඩවියක් වෙන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ශ්‍රී ලංකා රුපියල පිළිබඳ වාර්තාවක් පළ කරමින් මේ බව සඳහන් කර තිබේ.

    පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව පහත වැටීමකට ලක් වූ අතර එය තවදුරටත් අවප්‍රමාණය විය හැකි බව එම වාර්තාවේ සඳහන්ය.

    ශ්‍රී ලංකා රුපියලේ අගය කෙටි කාලීනව මෙලෙස පහත වැටීම සහ බ්ලූම්බර්ග් (Bloomberg) වැනි ජාත්‍යන්තර මූල්‍ය මාධ්‍ය ආයතනයක් මඟින් එය “ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය” ලෙස නම් කිරීම ආර්ථිකමය වශයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු තත්ත්වයකි.

    සාමාන්‍යයෙන් මුදල් ඒකකයක් මෙලෙස කෙටි කාලීනව දැඩි ලෙස අවප්‍රමාණය වීමට බලපාන ප්‍රධාන ආර්ථික සාධක කිහිපයකි.

    ඩොලර් පිටතට ගලා යාම:
    වාහන ආනයනය සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක් පිටට ගලයනු ලැබුණි.

    ගෝලීය දේශපාලන හා ආර්ථික තත්ත්ව:
    ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම හෝ ජාත්‍යන්තර දේශපාලන අර්බුදය

    මහ බැංකු ප්‍රතිපත්ති:
    පොලී අනුපාතික සහ විදේශ විනිමය වෙළෙඳපොළ හැසිරවීම සම්බන්ධයෙන් ගන්නා තීරණ.

  • අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහි නඩුව අපක්ෂපාතී විමර්ශනයක් සහ යුක්තිය ඉල්ලා කරන සාමූහික ප්‍රකාශය

    අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහි නඩුව අපක්ෂපාතී විමර්ශනයක් සහ යුක්තිය ඉල්ලා කරන සාමූහික ප්‍රකාශය

    අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහි නඩුව: දේශපාලන, ආගමික සහ ආයතනික බලපෑම්වලින් තොර ස්වාධීන විමර්ශනයක් කරන්න – විද්වතුන් සහ සිවිල් සමාජ ක්‍රියාකරුවන් ඉල්ලයි.

    අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බරපතල ළමා අපයෝජන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් විද්වතුන්, නීතිඥවරුන්, සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජ නියෝජිතයන් පිරිසක් සාමුහික ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

    එම සාමුහික ප්‍රකාශයෙන් ඉල්ලීම් තුනක් ඉදිරිපත් කර ඇති අතර දේශපාලන, ආගමික සහ ආයතනික බලපෑම්වලින් තොර ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම, අදාළ දැරියට නීතිමය සහ මානසික ආරක්ෂාව ලබාදීම සහ බලය මත නොව සත්‍යය හා යුක්තිය මත පදනම් වූ නීතිමය ක්‍රියාවලියක් සහතික කිරීම ඇතුළත් වේ.

    එම ප්‍රකාශයේ දැක්වෙන්නේ මෙම නඩුව හුදෙක් එක් පුද්ගලයෙකුට එරෙහිව පවතින නඩුවක් නොවන අතර ශ්‍රී ලංකාවේ නීතිය බලවත් සහ බල රහිත පාර්ශ්වයන්ට එක සේ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ පරීක්ෂණයක් බවයි. එසේම එය ස්ත්‍රීන් හා දරුවන් සම්බන්ධයෙන් රට තුළ පවතින ආරක්ෂාව සහ දේශපාලන සාධාරණත්වය පිළිබඳ ව්‍යුහාත්මක ගැටලුවක් බවද සඳහන් කර ඇත.


    නිවේදනයට අනුව පැමිණිල්ල ඉදිරිපත් කළ දැරිය කුඩා වියේ සිටම අපයෝජනයට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර එය දරුවෙකුට එරෙහි බරපතල අපරාධයක් පමණක් නොව ඇය ආරක්ෂා කළ යුතු සමාජ හා ආයතනවල අසාර්ථකත්වයක් ලෙසද පෙන්වා දී තිබේ.

    සැකකාර හිමියන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාමාර්ග, පොලිසියේ ප්‍රතිචාර සහ සැකකරු පෞද්ගලික රෝහලක රඳවා තැබීම වැනි කරුණු මහජන අවධානයට ලක්ව ඇති බවත් නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වීම පිළිබඳ ජනතාව තුළ ගැටලු මතුව ඇති බවත් ප්‍රකාශයෙන් පෙන්වා දී තිබේ.

    මෙම ප්‍රකාශයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥවරුන්, සමාජ ක්‍රියාකාරීන්, පර්යේෂකයන් සහ මානව හිමිකම් ක්ෂේත්‍රයේ නියෝජිතයන් රැසක් අත්සන් තබා තිබේ.

    මෙම නඩුව මැයි 22 දින යළි විභාගයට ගැනීමට නියමිතය.

    අදාල ප්‍රකාශය පහළින්

    අපක්ෂපාතී විමර්ශනයක් සහ යුක්තිය ඉල්ලා කරන සාමූහික ප්‍රකාශය

    අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් එල්ල වී ඇති බරපතල අපයෝජන චෝදනා පිළිබඳ නඩුව මැයි 22 වනදා යළි කැඳවීමට නියමිතය. මෙය හුදෙක් එක් පුද්ගලයෙකුට එරෙහි නඩුවක් පමණක් නොව, ශ්‍රී ලංකාව තුළ නීතිය බලවතුන්ට සහ බල රහිත වූවන්ට එක සේ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ පරීක්ෂණයකි. එසේම මෙය අපගේ සමාජය තුළ ස්ත්‍රීන් සහ දරුවන් සම්බන්ධයෙන් දේශපාලන සාධාරණත්වය පිළිබඳ ව්‍යුහාත්මක කාරණයකි.

    මෙම දැරිය පවසා ඇති තොරතුරුවලට අනුව ඇය ඉතා කුඩා වියේ සිටම අපයෝජනයට ලක්ව ඇති බව වාර්තා වේ. එය දරුවෙකුට එරෙහි බරපතල අපරාධයක් පමණක් නොව, ඇයව ආරක්ෂා කළ යුතු සමාජය සහ ආයතන අතින් සිදුවූ ගැඹුරු සදාචාරමය අසාර්ථකත්වයකි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවතින අතිවිශාල බල අසමතුලිතතාවය නිසාම මහජනතාව තුළ දැඩි අවධානයක් සහ කනස්සල්ලක් මතුවී ඇත. එක් පාර්ශ්වයක සිටින්නේ බලවත් ආගමික සහ ආයතනික ආනුභාවයක් සහිත ප්‍රභල චරිතයකි. අනෙක් පාර්ශ්වයේ සිටින්නේ ආර්ථික සහ සමාජීය වශයෙන් දැඩි ලෙස අසරණ පසුබිමක සිටින, තම පවුල තුළින් පවා නිසි ආරක්ෂාවක් නොලැබුණු දැරියකි. එවැනි තත්ත්වයක් තුළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ බලධාරීන්ගේ හැසිරීම මහජන අවධානයට ලක්වීම ස්වභාවිකය.
    විශේෂයෙන්ම චූදිත හිමියන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, මෙවැනි බරපතල ළමා අපයෝජන සිද්ධියකදී සිදු විය යුතුව තිබූ ක්‍රියා පටිපාටි නිසි ලෙස අනුගමනය නොවීම මහජන කනස්සල්ල තවදුරටත් තීව්‍ර කර ඇත. අත්අඩංගුවට ගැනීමේ නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිසිය දැක්වූ මැලිකම මෙන්ම අත්අඩංගුවට ගැනීමෙන් පසුවද සැකකරු පෞද්ගලික රෝහලක තබා ගැනීම වැනි කරුණු හේතුවෙන් මෙම නඩුවේ නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන බවට ජනතාව තුළ හැඟීමක් ඇති වී තිබේ. බොහෝ දෙනෙක් මෙම නඩු විභාගය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් විනිවිදභාවය සහ වගවීම ඉල්ලා සිටින්නේ ඒ නිසාය.

    බලය, තනතුරු, ආයතනික බලපෑම් සහ වෙනස් කොට සැලකීම් නීතියේ සාධාරණ ක්‍රියාත්මක වීම අඩාල කරනු ඇතැයි ඇති සැකසංකා හේතුවෙන් මිස මෙම මහජන විරෝධය ඉබේ මතු වූවක් නොවන බව අපි මෙහිදී අවධාරණය කරමු.

    මෙම බල අසමතුලිතතාවයට මෙම නඩුවේ ප්‍රතිඵලය තීරණය කිරීමට අප ඉඩ නොදිය යුතුය. පූජකයෙකු වුවත්, ගිහියෙකු වුවත්, බලවතෙකු වුවත්, සාමාන්‍ය පුද්ගලයෙකු වුවත් කිසිවෙකු නීතියට ඉහළින් නැත.

    ශ්‍රී ලංකාවේ මෑත කාලීන සිදුවීම්ද බලවත් ආයතන හා පුද්ගලයන්ට එරෙහිව යුක්තිය ලබාගැනීම කොතරම් දුෂ්කරද යන්න අපට පෙන්වා දී ඇත. පසුගිය දිනක වාර්තා වූ, ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, බලවත් පද්ධතිවලට එරෙහිව යුක්තිය සෙවීමේදී වින්දිතයන් මුහුණ දෙන බාධා සහ ඒ සඳහා අවශ්‍ය අඛණ්ඩ සටන පිළිබඳව නැවතත් රටට මතක් කර දුන්නේය.

    ඒ නිසාම අපි වගවීම සහ යුක්තිය ඉල්ලා සිටීම කිසිසේත්ම නතර නොකළ යුතුය. බලවත් ආයතන ආරක්ෂා කිරීම වෙනුවෙන් අසරණ දරුවන් බිල්ලට දීම ශිෂ්ට සමාජයක සිදු විය නොහැක.

    අපගේ ඉල්ලීම් වන්නේ:
    දේශපාලන, ආගමික හෝ ආයතනික බලපෑම් වලින් තොර සාධාරණ, විනිවිද සහ ස්වාධීන විමර්ශනයක් දැරියට වහාම නීතිමය, මානසික සහ සමාජ ආරක්ෂාව ලබා දීම

    බලය හෝ තනතුරු මත නොව, සත්‍යය සහ යුක්තිය මත පදනම් වූ නීතිමය ක්‍රියාවලියක්

    වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ ස්ත්‍රීන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව, ගරුත්වය සහ යහපැවැත්ම පිළිබඳ පොරොන්දු ලබා දෙමිනි. එම පොරොන්දු මැතිවරණ වේදිකාවේ කථා පමණක් නොවන බව ඔප්පු කිරීමට මෙය හොඳම අවස්ථාවකි. මෙරට ජනතාවට අවශ්‍ය වන්නේ හිස් වචන නොව, නීතිය නිසි පරිදි සහ සමානව ක්‍රියාත්මක වීමයි සහ එසේ ක්‍රියාත්මක වන බවට ජනතාවට විශ්වාසනීය ලෙස පෙනෙන්නට තිබීමයි.

    අපගේ දියණියන්ගේ, පුතුන්ගේ සහ මේ රටේ අනාගතය ගැන අප සැබවින්ම සිතන්නේ නම්, යුක්තිය පූර්ණ ලෙස සහ නිර්භයව ක්‍රියාත්මක වන බව සහතික කළ යුතුය.

    Endorsed by
    Prof Jayadeva Uyangoda, Emeritus Professor, University of Colombo
    Prof Kamala Liyanage, Emeritus Professor, University of Peradeniya
    Prof Liyanage Amarakeerthi, Peradeniya University
    Prof Sasanka Perera, University of Colombo and South Asian University
    Prof Nirmal Dewasiri, Department of History, University of Colombo
    Kumari Kumaragamage, Author & Visual Artist
    Saminmadan Wimal, Senior Lecturer, University of Jaffna
    Dr Chulani Kodikara, Independent Researcher
    Sandun Thudugala, Social Activist
    A.E. Rebecca, Project Manager
    Aingkaran Kugathasan, Attorney-at-Law, Jaffna
    Annie Kurian, Social Activist
    Anomaa Rajakaruna, Filmmaker
    Antonia Joseph, Social Activist
    Dr Anushka Kahandagamage, Buddhist Scholar
    Dr Athula Samarakoon, Academic
    Dr Amali Wedagedara, Feminist Political Economist
    Anuratha Rajaretnam, Socio-Political Activist
    Balasingham Skanthakumar, Co-editor, Polity magazine
    Brintha Santhoshkumar, Social Activist
    Buhary Mohamed, Eastern Social Development Foundation
    Caryll Tozer, Women and Child Rights Activist
    C. Ranitha Gnanarajah, Attorney-at-Law
    C. Thayalarajan, Social Activist
    Chathurika Sewwandi, Attorney-at-Law and Social Activist
    Chulananda Samranayake, Writer and Literary Critic
    Dr Crystal Baines, Researcher
    Christine Perera, Activist
    Dr. Darshi Thoradeniya, Department of History, University of Colombo
    Dr. Dileepa Witharana, Open University
    Dhanusha Gihan Pathirana, Economist
    Gamini Chandrasekara, Retired Mechanical Engineer
    Dr Gayathri Lokuge, Centre for Poverty Analysis
    Hafsa Husain, Entrepreneur
    Inthumathy Hariharathamotharan, Civil Society Activist
    Janakie Seneviratne, Social & Political Activist
    Jayani Abeysekara, Human Rights Activist
    Dr Kanchuka Dharmasiri, University of Peradeniya
    Prof Kanchana Ruwanpura, University of Edinburgh
    Kumudini Samuel, Women and Media Collective
    Lekha Walallawita, Consultant Anesthetist, Australia
    Dr M. Alfred, Former Dean, Faculty of Management, University of Peradeniya
    Dr Mahendran Thiruvarangan, University of Jaffna
    M. Sooriasegaram, Retired Engineer & Social Activist
    Madhulika Gunawardena, debt justice activist and researcher
    Marisa de Silva, Social Activist
    Melani Gunatilake, Climate & Political Activist
    Natasha Vanhoff, Social Activist
    Nelun Gunasekera, Social Activist
    Nimalka Fernando, Attorney-at-Law
    Niranjala Arulnandy, Social Activist
    Niyanthini Kadirgamar, Feminist Collective for Economic Justice
    Padmini Weerasuriya, Social Activist
    Peter Rezel, Development Consultant
    Pushpa Ramlani, Social Activist
    Prof Prabha Manurathna, University of Kelaniya
    Pushparani Figurado, Social Activist
    Prof. R. Kapilan, Department of Botany, University of Jaffna
    Ramani Jayasundere, lawyer and social activist
    Ranjika de Silva, Former Registrar, Hector Kobekaduwa Agrarian Research and Training Institute, Sri Lanka
    S. Metilda, Social Activist
    S. Kalavathy, Social Activist
    Sarah Arumugam, Attorney-at-Law
    Sarala Emmanuel, Feminist Activist
    Saraswathi Sivaguru, Former Member of Provincial Council & Trade Union Leader
    Shamila Rathnasooriya, Program and Operation Manager, MONLAR
    Dr S. Selvaganesh, Consultant Plastic and Reconstructive Surgeon
    Shyama Basnayake, Political Activist
    Safiya Riyaz, SAHR Advocate & Researcher
    Soosaipillai Anton Rex, Social Activist
    Sriyani Perera, Gender Consultant
    Stella Philips, Social Activist
    Sudantha Madhawa Fernando, Social Activist
    Sumika Perera, Women’s Resource Center
    Dr S. Arivalzahan, University of Jaffna.
    Dr Sakunthala Kadirgamar, Executive Director, Law & Society Trust
    Dr Sepali Kottegoda, Women and Media Collective
    Sunil Shantha Koralage, Writer
    Prof Sumathy Sivamohan, University of Peradeniya
    Swasthika Arulingam, Attorney-at-Law & President, United Federation of Labour
    T. Dilakshana, Attorney-at-Law
    Thilina Weerasinge, Journalist & Writer
    Dr Thiruni Kelegama, Academic
    Thisaru Guruge, Professional
    Dr Tush Wickramanayake, Chairperson, Stop Child Cruelty Trust
    Udeni Thewarapperuma, Attorney-at-Law
    Prof. Uthpala Jayawardena, Open University
    Varaluxmy Jeganathan, Social Activist
    Vidura Munasinghe, Attorney-at-Law & Activist
    Visaka Dharmadasa Association of War Affected Women
    Vishmitha Parameshwaran, Social Activist
    V. Balananthini, Social Activist
    Dr Visakesa Chandrasekaram, Filmmaker
    Dr Vivimarie Vanderpoorten, Open University