විදුලි ගාස්තු 25% න් 30න් අඩු කළ හැකි බව හෙළිවෙයි

විදුලි ගාස්තු සියයට 25 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් පහළ දැමීමේ හැකියාව ඇතැයි මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම් ඉවත් කළ පසු සියයට මෙම පහළ දැමීම සිදුකළ හැකි බවත් එම කොමිසම පවසා තිබේ.

විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලැබූ රුපියල් කෝටි 4,800 ක පමණ ලාභය මෙම මිල සංශෝධන යෝජනාවලියෙන් සම්පූර්ණයෙන්ම අතහැර ඇති බව ත් සම්ප්‍රේෂණ වියදම් ලෙස රුපියල් කෝටි 9,500 ක සහ අතිරේක වියදම් කෝටි 20,000 ක් සහ හදිසි මිලදීගැනීම්වලට ද විශාල වියදමක් එකතු කර ඇති බව ද සඳහන් වේ.

ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ වියදම් පිළිබඳව ගැටලුවක් ඇති බවත් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති වියදම් තව දුරටත් සමාලෝචනය කළ යුතු බවත් කොමිසම සඳහන් කරයි.

විදුලිබල මණ්ඩලය සියයට 3.34 ක විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය 13 වැනිදා පස්වරුවේ භාරදුන් අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට මහජන අදහස් ගනිමින් සිටින බවත් ගාස්තු සංශෝධනය ලබන මස මැද වන විට ක්‍රියාත්මක කළ හැකි බවත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...