වැඩකරන කාන්තාවන්ට අදාළ කම්කරු නීති සංශෝධනයේ ඇත්ත

කාන්තාවන් සේවයේ යෙදවීමට අදාළව සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ආයතනයක කාන්තාවන් රාත්‍රි 10 න් පසුවද සේවයේ යෙදවිය හැකි වෙනවා.

එලෙස සේවයේ යොදවා ගන්නා කාන්තාවන්ගේ ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම් සහ විවේක ගැනී‍මේ පහසුකම් ඇතුළු එම කාන්තාවන්ගේ සුබසාධනයට අදාළ නියමයන් හා කොන්දේසි ආයතන හිමිකරුවා ලබාදිය යුතු බවද සංශෝධිත පනත් කෙටුම්පතේ සඳහන්.

මෙලෙස සේවයේ යෙදිය හැකි වන්නේ වයස අවුරුදු දහඅට සපුරා ඇති කාන්තාවන්ට පමණක් බවද අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් හඳුන්වා දෙනු ලබන්නේ ඉතාම ඉදිරිගාමී යෝජනාවක් ලෙසයි. කාන්තාවන්ට ද මෙම යෝජනාව සම්මත වීමෙන් පසු කාන්තාවන්ට පිරිමින් හා සමානව රාත්‍රියේ වැඩ කිරීමට අවස්ථාව ලැබෙන බව ආණ්ඩුව පවසමින් සිටියි. ඔවුන් සඳහන් කරන්නේ මෙය කාන්තාවන්ට පිරිමින් හා සමානව සමතැන ලැබීමක් බවයි.

නමුත් මෙහි ඇත්තටම තිබෙන්නේ වෙනත් කතාවකි. ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ කාන්තාවන්ට ද සමතැන ලබාදීමට නොව කාන්තාවන්ගේ ශ්‍රමය තවදුරටත් සුරාකෑම පහසු කිරීමටයි. ජගත් කම්කරු සංවිධානය පවා නිර්දේශ කරන්නේ වැඩ දිනය පැය 8ට සීමා විය යුතු බවයි. පැය 08ක් විනෝද කටයුතු සහ විවේකයට මෙන්ම පැය 08ක් නිදාගැනීමට ලෙස ඔවුන් රැකියා ලාභියෙකුගේ පැය 24 බෙදා තිබේ. වැඩිපුර වැඩකිරීමට අවසර දීම යනු ප්‍රගතිශීලී අදහසක් නොවේ. අවශ්‍ය වන්නේ අවම කාලයක් වැඩ කිරීමෙන් පසු ජීවත්විය හැකි වැටුපක් ලබාදීමයි.

අනෙක් අතින් කාන්තාවන්ගේ ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම් සහ විවේක ගැනී‍මේ පහසුකම් ඇතුළු එම කාන්තාවන්ගේ සුබසාධනයට අදාළ නියමයන් හා කොන්දේසි කොතරම් දුරට ආයතන හිමිකරුවන් විසින් ලබදේවිද යන සැකය පවතියි. දැනට රාත්‍රී වැඩමුරය ක්‍රියාත්මක කිරීමේදී කම්කරු කොමසාරිස්ගෙන් අවසර ලබාගත යුතුවීම වැනි බොහෝ කරුණු සම්පුරණ කලයුතු වුවත් එවැනි දෙයක් සිදු නොවීම සාමාන්‍ය තත්ත්වයයි.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...