නිසි සම්බන්ධීකරණයක් නැති කමෙන් එක්ස්ප්‍රස් පර්ල් වන්දි ක්‍රියාවලිය අවුලක

Date:

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් විපතට පත් වූවන්ට වන්දි ලබාදීමේ කටයුතු අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇත්තේ වන්දි ලබාදීමේ ක්‍රියාවලියට සම්බන්ධ රාජ්‍ය ආයතන නිසි සම්බන්ධීකරණයක් නොමැතිකම හේතුවෙන් බව පාර්ලිමේන්තු කාරක සභාවක් අනාවරණය කළේය.

සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය, ධීවර අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ දුර්වල සම්බන්ධීකරණය ධීවරයින්ට වන්දි ලබාදීමේදී ගැටලු කිහිපයක් නිර්මාණය කර ඇති බව පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.

කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා නීතිපති දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යාංශය, MEPA සහ MEPA විසින් පත්කළ විද්වත් කමිටු සාමාජිකයින් එක්ව වැඩපිළිවෙළක් සකස් කර කමිටුවට වාර්තාවක් ලබාදෙන ලෙස උපදෙස් දුන්නේය.

MEPA ආයතනය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ කටයුතු සහ එහි ඉදිරි අවශ්‍යතා පිළිබඳව ලිපියක් මගින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියද නිසි පිළිතුරක් නොලැබුණු බව MEPA නිලධාරීහු පැවසූහ. කෙසේ වෙතත්, අලාභය තක්සේරු කිරීම අඛණ්ඩව සිදු කිරීම සඳහා ජාත්‍යන්තර ස්වාධීන විද්වත් කමිටුවක් පත් කරන බවට අධිකරණ අමාත්‍යාංශයෙන් තොරතුරු ලැබී ඇති බව එම නිලධාරීහු ප්‍රකාශ කළහ.

මේ හේතුවෙන් MEPA විද්වත් කමිටුව තවදුරටත් ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව ස්ථිර තීරණයක් ගෙන නොමැති බව MEPA නිලධාරීහු පැවසූ අතර මේ සම්බන්ධයෙන් සිදුකරනු ලබන කටයුතු පිළිබඳව තම ආයතනය දැනුවත් නොවීම ගැටලුවක් බවද ඔවුහු පෙන්වා දුන්හ.

MEPA විසින් පත් කරන ලද විද්වත් කමිටුව විසින් සිදු කරන ලද පර්යේෂණ කටයුතුවලට අදාළ ගෙවීම් සිදු කර නොමැති බැවින් මුදල් ගෙවීමේ හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව එම කමිටුවේදී අනාවරණය විය. 2023 වසර සඳහා විද්වත් කමිටුවට පත්කිරීම් සිදුකර නොමැති බවද අනාවරණය විය.

තවද,”සාගරික පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ විපතට පත් ධීවරයින් සඳහා දරන ලද වියදම් සඳහා අන්තර්කාලීන ගෙවීමක් ලෙස ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට ඇමරිකානු ඩොලර් 890,000 ක් සහ රුපියල් මිලියන 16 ක් (ඩොලර් 49,200 ක් පමණ) ලැබී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ව්‍යසනය සිදු වූ දා සිට ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 7.85 ක ගෙවීම් ලැබී ඇත.

එහි රජයට පළමු ගෙවීම ඩොලර් මිලියන 3.6ක් 2021 ජූලි මාසයේදී ලැබුණු අතර, තවත් ඩොලර් මිලියන 1.75ක් 2022 ජනවාරි මාසයේදී ලැබු සඳහන් වේ. තුන්වන ගෙවීම ඩොලර් මිලියන 2.5ක් සැප්තැම්බර් මාසයේදී ලැබූ බව සඳහන් වේ.

2021 ජුනි මාසයේදී යාත්‍රාව කොළඹට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ ගිලී ගිය පසු ශ්‍රී ලංකාව මුලින් ඩොලර් මිලියන 40 ක වන්දි ඉල්ලීමක් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, MEPA විසින් කැඳවන ලද 40 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පසුගිය වසරේ මුල් භාගයේ අතුරු වාර්තාවකින් පාරිසරික ව්‍යසනයේ මූල්‍යමය වටිනාකම ඩොලර් බිලියන 6.4 ක් ලෙස සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...