හර්ෂලා IMF ගිවිසුම වෙනස් කරනවලු

සජිත් ප්‍රේමදාස ජනාධිපති වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර ඇති ගිවිසුම වෙනස් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා.

පාර්ලිමේන්තුවේ ඊයේ(07) පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා,

“සමහරු කියනවා ඉස්පිල්ලක්, පාපිල්ලක් වෙනස් කරන්න බෑ කියලා අයි.එම්.එෆ් ගිවිසුමේ. මේ පිස්සොනේ. මේ මිනිස්සුන්ට යන්න කිව්වම 2020 ඉදලා බෑ බෑ, ඕනී නෑ, දන්නේ නෑ, අපිට පුළුවන් කියපු හාදයෝනේ මේ. ඒ අය කොහොමද අපිට කියන්නේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරලන්න බෑ කියලා. අපිට කියනවාද ඔය ගිවිසුමේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න බෑ කියලා? කියන්නකෝ නැගිටලා පුළුවන් නම්. ජගතෙක්, උගතෙක්, ශූරයෙක් ඉන්නවා නම් කියන්න. අපි වෙනස් කරනවා. ඒ වෙනස් කරන්නේ මොකද? ඔයාල මේක බෑ කියද්දි, එපා කියද්දි, ඕනී නෑ කියද්දි අපි ගාන හදලා පෙන්වලා දීලා තියෙනවා මේක කළ හැටි. සජිත් ප්‍රේමදාස ඊලගට මේ රටේ ජනාධිපති වන පුද්ගලයා. පීටර් බෲවර්ගේ මුහුණට මුහණ කතා කරලා කිව්වා මේක වෙනස් කරනවා කියලා”

හර්ෂද සිල්වා ඇතුළු සමගි ජන බලවේග පක්ෂය දිගින් දිගටම චෝදනා කරනු ලැබුවේ ගෝඨාභය ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ප්‍රතික්ෂේප කර නිසා ආර්ථික අර්බුදය ඇතිවූ බවයි. එසේම එම පක්ෂය හිස් මුදුනින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගන්නා ලදී. දැන් හදිසියේම තම ස්ථාවරය මාරු කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...