ටින් එකක් අරන් පාරට බහිමුද?

2024 ජනවාරි මස 01 වන දා හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ කරන සියලු ශ්‍රී ලාංකිකයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ‘බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකයක්’ (Taxpayer Indentification Number – TIN) ලබා ගත යුතු බවට ගැසට් නිවේදනයකින් දැනුම් දී තිබීම සම්බන්ධයෙන් විශාල කතා බහක් ඇතිව තිබේ.

ඇතැම් පිරිස් පවසන්නේ ආණ්ඩුව මේ හරහා තවත් බද්දක් ගැසීමට උත්සාහ කරමින් සිටින බවයි. තවත් පිරිසක් මෙම අංකය ලබාගැනීම ගැන උපහාසාත්මකව කතා කරනු දැකිය හැකිවිය.

එසේම ආණ්ඩුව මෙම අංක ලබාගෙන ඇති සංඛ්‍යාව දිනෙන් දින නිවේදනය කරමින් සිටියි.

නොගන්නා තැනැත්තන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කටයුතු කරන බවත්, එහිදී ඔවුන්ට රු. 50,000 නොඉක්මවන දඩයකට යටත් වීමට සිදුවනු ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර තිබුණි.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය පවසා තිබුනේ බදු අංකය ලබාගැනීම අනිවාර්ය වුවත් නොගන්නන් සඳහා දඩ මුදලක් අයකිරීම මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බවයි.

කෙසේවෙතත් රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය අත්‍යවශ්‍ය බව ආණ්ඩුව පවසයි.

ආණ්ඩුව වැට් බදු වැඩිකිරීමත් සමඟ සාමාන්‍ය ජනතාවට විශාල පීඩනයක් එල්ල වෙමින් තිබේ. මේ අනුව ආණ්ඩුව ගන්නා ක්‍රියාමර්ග විවේචන කරන ඒ දෙස සැක මුසුවෙන් බලන සහ විරෝධය පළකරන ස්වභාවයක් නැවතත් ජනතාව තුළ මතුවෙමින් තිබේ. මෑත දින කිහිපයේ ජනතාව පවසමින් සිටින්නේ ඉදිරියේදී TIN අංක කෙසේවෙතත් Tin එකක් අරගෙන පාරට බහින්න සිදුවෙනු ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...