ණය ගන්න පුළුවන් ශ්‍රී ලංකා – තවත් මිලියන 300ක ණයක් ගන්න අනුමැතිය

මූල්‍ය හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300ක් ණයට ගැනීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ.

මෙහිදී පූර්ව ක්‍රියාමාර්ග 12 ක් අවසන් කිරීමෙන් පසු ඩොලර් මිලියන 200 ක වාරිකයක් ලබා දීමට නියමිතය. ඒවායින් බොහොමයක් අවසන් කර ඇති අතර ඉතිරිය අවසන් වෙමින් පවතින බව වාර්තා වේ.

ඩොලර් මිලියන 200 වැඩසටහනේ කොටසක් වන ජල අංශ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 100ක් ණයට ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමි විය.

රනිල් ප්‍රමුඛ ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කළ බවට පම්පෝරි ගසමින් සිටියි. තමන් පෝලිම් නැතිකළ බවට පවසමින් සිටියි. රනිල් ආර්ථිකය ස්ථාවර කරන්නේ තව තවත් ණය ගැනීමෙන් සහ ජනතාව මත බර පැටවීමෙන් බව පැහැදිලිය. අවසානයේ සිද්ධ වන්නේ අපේ රටේ ණය කන්ද තව තව තවත් වැඩිවීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...