ණය ගන්න පුළුවන් ශ්‍රී ලංකා – තවත් මිලියන 300ක ණයක් ගන්න අනුමැතිය

මූල්‍ය හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300ක් ණයට ගැනීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ.

මෙහිදී පූර්ව ක්‍රියාමාර්ග 12 ක් අවසන් කිරීමෙන් පසු ඩොලර් මිලියන 200 ක වාරිකයක් ලබා දීමට නියමිතය. ඒවායින් බොහොමයක් අවසන් කර ඇති අතර ඉතිරිය අවසන් වෙමින් පවතින බව වාර්තා වේ.

ඩොලර් මිලියන 200 වැඩසටහනේ කොටසක් වන ජල අංශ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 100ක් ණයට ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමි විය.

රනිල් ප්‍රමුඛ ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කළ බවට පම්පෝරි ගසමින් සිටියි. තමන් පෝලිම් නැතිකළ බවට පවසමින් සිටියි. රනිල් ආර්ථිකය ස්ථාවර කරන්නේ තව තවත් ණය ගැනීමෙන් සහ ජනතාව මත බර පැටවීමෙන් බව පැහැදිලිය. අවසානයේ සිද්ධ වන්නේ අපේ රටේ ණය කන්ද තව තව තවත් වැඩිවීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...